Tuesday, June 23, 2009

සාවන් කා මාහිනා....


1967 වර්ෂයේ ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් ආදායම් වාර්තා බිද හෙලමින් තිරගත වු තවත් ලස්සන සිංදු ගොඩක් තිබ්බ හින්දි චිත්‍රපටියක් තමයි “මිලන්”. මම ඒ කාලෙ හිටියෙ නැතත් මගේ අම්මා තාත්ත කියන දේවල් වලින් ඒ බව හොදින් වැටහෙනවා. සුභා රාඕ (Subba Rao A) ගේ අධ්‍යක්ෂනයෙන් සහ ලක්ෂ්මිකාන්ත් ප්යාරලාල් (Laxmikant Pyarelal ) ගේ මන මෝහනීය සංගීතයෙන් සමන්විත වූ මෙම චිත්‍රපටියේ ජමුනා රාණි, මුඛරි, නූටාන් සහ සුනිල් දත් යන නළු නිළියන් රගපෑමෙන් එක්වුනා.

සාවන් කා මාහිනා.... කියන්නෙ මේ චිත්‍රපටියෙ එන අදටත් ඉතාම ජනප්‍රිය ගීතයක්. ඒ ජනප්‍රියකම නිසාම අපේ නව පරපුරේ ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ම මේ සිංදුව කොපි කරලා තවත් රැප් එකතු කරල තරගෙට වගේ ජාත්‍යන්තරයට ගෙනියන්න උත්සාහ කලේ.

මිලන් චිත්‍රපටියේ මේ ගීතය ගයන්නේ මුකේෂ් සමග ගීත කෝකිලාවී ලතා මංගේෂ්කාර්. පැරණි ජනප්‍රිය සිංදුවල ගිටාර් කෝඩ් සොයාගන්න පොඩි අපහසුතාවයක් තියනවා. ඒක හන්දා මම සොයාගත් code එක මම ලබා දෙන්නම්.

හිනදි ගැන මගේ දැනුම අල්ප හන්ද Translate නොකර දන්න කඩ්ඩෙන්ම සිංදුව තියන්නම්.

G……………………….........................Am……..
saavan kaa mahiinaa, pavan kare sor

Latha: pavan kare shor
Mukesh: pavan kare sor
Latha: pavan kare shor
Mukesh: are bAbA shor nahI.n sor,sor, sor
Latha: pavan kare sor hA.n,
…………….......C………………………………G….

jiyaraa re jhuume aise, jaise banamaa naache mor
G……………………….
ho saavan kaa mahiinaa ...

Bm………………………….................D…….
maujavaa kare kyaa jaane, hamako ishaaraa
D……………………………...C……………….
jaanaa kahaa.N hai puuchhe, nadiyaa kii dhaaraa
G…………………………….............Am….
marazii hai tumhaarii, le jaao jis or
……………..............C…………………........G.......
jiyaraa re jhuume aise jaise manama naache mor.....

G......
Sawan ka mahina........

Thursday, June 4, 2009

දිලීප පොඩිපුතු Guitar Tabs

Download Unicode text version

Pitch D
Beat 4/4
පද රචනය කරුණාරත්ක අබේසේකර ශූරින්
තනුව ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය ක්ලැරන්ස් විජේවර්ධන

[Chorus]
--------------------------------------------
D G
දිලී...ප පොඩ් පුතු ..... සනී..පයට නිදී...
D A
මවගේ උකුල්.... යහ...නේ.....
G D Em
කුමාරයා...නෙනි මගේ තිරුල ... හිමි
A A7 D
ජීවන රජ... දහනේ


[Verse 1]
--------------------------------------------
D G
මහද විමා..නයෙ තැම්පත් කල.. යේ...
D D7
බිදුවක් අඩු...ව නැතේ....
G D Em
එය සගවා....ගෙන බිළිදු වෙසින් ආ....
A A7 D
වස්තුව ඔබය පුතේ


[Verse 2]
--------------------------------------------

D G
පරෙවි දෙපා.... වැනි සුලලිත කෝ...මළ
D D7
සුමුදු ටිකිරි දෑ...තේ
G D Em
පුතු මිට මොළ....වන් සගවාගෙන ආ
A A7 D
මා නොලියුව ගිතේ

Monday, June 1, 2009

දේශානුරාගය සහ සංගීතය

කවදාවත් එක මාර්ගයක ගමන් කරන්නෙ නැති මාතෘකා දෙකක් වුනත් මේ දෙක අතරේ තියන සම්බන්ධය පහුගිය කාලෙ පුරාවටම අපේ සිත් වලට හොදින් දැනුනා. ඒ නිතර දෙවේලෙ ඇහුණු රණ ගී, දේශානුරාගී ගී නිසා. මම කතා කරන්න යන්නෙ දේශානුරාගය, ජාත්‍යාලය කියන දේවල් අපේ ශ්‍රී ලාංකිකයන්ට විතරක් පොදු දේවල් නෙමෙයි කියන එක.

පහුගිය දවස් වල ම‍ට අහන්න හම්බවුනා ඉන්දියානු සංගිතඥ ඒ.ආර්. රහුමාන් ගේ 'වන්දේ මාතරම්' කියන ඇල්බම් එක. මම එදා ඉදන්ම රහුමාන්ගෙ සංගීතය ප්‍රිය කරන කෙනෙක්. ඉන්දියාව ඇතුලත මිලියන 5 කටත් වඩා අලෙවි වුන ඇල්බම් තියනවනම් ඒ බොහොම ටිකයි. ඒකෙනුත් ගොඩක් ඉදිරියෙන් තියන ඇල්බම් එකක් තමයි වන්දේ මාතරම්. ඒ ඇල්බම් එකේ මුලින්ම තියන සිංදු දෙක 'මා තුජේ සලාම්' සහ 'වන්දේ මාතරම්' කියන සින්දු දෙක පහත link එකෙන් download කරගන්න.

http://www.esnips.com/doc/71405216-5306-4236-8ee2-1a56d3fbc230/Vande-Matharam

අපි ඉන්නෙ ඉන්දියානු උප මහද්වීපයට අයත් කොටසක හන්දා අපිට ඉන්දියානු ආභාශය හොදට ලැබිල තියනවා. මේ සින්දු දෙකේ වචන තේරෙන්නෙ නැති වුනත් (100%) සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියන එක තේරුම්ගන්න ඔය සින්දු දෙක හොදටම ඇති කියලයි මටනම් හිතෙන්නෙ.

සින්දු අහනකොට දේශානුරාගයේ කුළුගැන්වීම ඉන්දියානුවන්ට වගේම අපටත් හොදින් දැනෙන්නෙ දේශානුරාගය කොයි කාටත් පොදු දෙයක් හන්දා. ඒක අපිට වගේම ලෝකෙ කාටත් පොදුයි.

මා තුජේ සලාම් සින්දුව ආභාශයට අරගෙන (ගෙඩි පිටින්ම නැතිවුනත් සමාන කම් හොදට තේරෙනවා) හදපු සිංහල සින්දුවකුත් පහුගියකාලෙ හොදින් අපේ රටේ ජනප්‍රිය වුනා. ඒ.ආර්.රහුමාන් සංගීතවේදියා දේශානුරාගය සහ ජාත්‍යාලය කියන මාතෘකාවෙදි තමන්ගෙ හැකියාව උපරිමයෙන් පෙන්වපු අවස්ථාවක් හැටියට වන්දේ මාතරම් නම් කරන්න මම කැමතියි.

මේ සින්දු දෙක අහලා ඔයගොල්ලන්ට දැනෙන හැගීම පුංචි comment එකක් දාලා අපිට කියන්න. සංගීත රසකාමීන් හැටියට ඒ පුංචි comment එක අපිට ලොකු දෙයක්.