Showing posts with label Music. Show all posts
Showing posts with label Music. Show all posts

Wednesday, August 10, 2016

සරුංගලේ



අගෝස්තු නිවාඩුවත් ඇවිත්. සරුංගල් යවන කාලෙ. වෙල් ඉපනැලිවල, මුහුදු වෙරලෙ ලමයි සරුංගල් යවනවා. සරුංගලේ කියන්නෙ වයස් භේදයක් නැතුව විනෝද වෙන්න පුළුවන් සෙල්ලම් බඩුවක්. ඒත් සරුංගලයකින් සතුට විතරක්ම නෙමෙයි.

මේ සරුංගල් මතක් වෙනකොට මට මතක් වෙනවා සරුංගල් ගැන ලියවිච්ච සින්දු. ජනප්‍රිය සින්දු දෙකක්ම තියනවා. හැබැයි මේ දෙකෙන්ම කියන්නෙ සරුංගලයක් ගැන නෙමෙයි. සරුංගලේ උපමාවක් කරගෙන වෙනස් අදහස් දෙකක්.

පළවෙනි සින්දුව කියන්නෙ විශාරද නන්දා මාලනිය. ගීතය ලිව්වෙ සුනිල් ආරියරත්න මහත්තය. සංගීතවත් කලේ රෝහණ වීරසිංහයන්. අපි සින්දුවෙ පද බලල ඉම්මු.

සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේඅපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේඋපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයිසරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයිසරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයිසරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයිසරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයිසරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයිසරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි


නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිටරටට පදිංචියට යන පිරිසක් ගැන සරුංගලයක් උපමාවෙන් කියන එක කොච්චර ලස්සනද?

දෙවනි සින්දුව කියන්නෙ මැණික් ජයසේකර මහත්මිය.  නම පොඩ්ඩක් අහල නෑ වගේ වුනාට එතුමිය කියන තව ජනප්‍රිය සින්දු තව එමටයි. සල් සමන් සුගන්ධිනී, ස්නේහයේ නගරයයි විතරක් නෙමෙයි බිඟු රෑන වගේ මල් යායට ගීතයත් එතුමියගෙ. එතුමිය ගයන සරුංගලේ මා කියන සින්දුව ලියල තියෙන්නෙ හේමසිරි ගුණතුංග මහත්තයා. සංගීතවත් කරල තියෙන්නෙ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසන්.

සරුංගලේ මා සරුංගලේපියඹා යනවා දෙරණ මතින්මායිම් නැති නිල් ආකාසේමායිම් ඇති මේ නියර මතේකුමර කුමරියන් අතින් මිදීසරුංගලේ මා සරුංගලේ
කුරිරු පොළෝ මත වැටකොටු බැඳ ඇතනිදහස වටකොට පවුරු නැගී ඇතඑබැවින් පියඹා යන්නෙම් ගගනතසරුංගලේ මා සරුංගලේ
දෑ කුලගොත් මායිම් කිසිවක් නැතිනිදහස් නිවහල් සුවිසල් ගගනතඈතට ඉගිලෙමි සිතු ලෙසසරුංගලේ මා සරුංගලේ



අප වාසය කරන ලෝකය කෙතරම් කුරිරුද, වේදනාකාරීද? වැටකොටු බැම්කුළ මල ආදී දේවල් නිදහස් මනසකට කෙතරම් අකුල් හෙලනවාද? මේ ගීතය එවැනි දේවල් වලින් මිදෙන්න සරුංගලයක් ආදේශ කරගෙන කියන අපූරුව.

තව සීටී ප්‍රනාන්දු මහත්තයා කියන සරුංගලේ කියල සින්දුවක් තියනවා. ඒක ගැන නම් වැඩි විස්තර දන්නෙ නෑ. ඒකත් අහල බලමු.

Thursday, June 16, 2016

සඳ ගිරි මුදුන

කාලෙන් කාලෙට එක එක විදිහෙ සංගීත වැඩසටහන් එනවා. අපි පුංචි එවුන් කාලෙ තිබ්බා යත්‍රා කියල එකක්. උමාගෙ සින්දුව එතකොට ඉවාන් පවුළුෂා එහෙම ඒ වැඩසටහන හරහා ආවා. රූපවාහිනියෙ මහේෂ් නිශ්ශංක තමයි හුඟක් වැඩසටහන් හදල ගෙනාවෙ. සුරම්‍ය රාත්‍රිය, මනෝහාරී, නදුන් උයන ඒ වගේ වැඩසටහන්. තවත් මතක් වෙන ඒවා තියනවා 16+ සිහිනයකි රෑ වගේ ඒවා.

පස්සෙ එක එක චැනල් වලින් මේ වගේ වැඩසටහන් කලා. හැමදාමත් වෙනසක් ඉල්ලන අපේ තරුණ පරම්පරාව (වැඩිහිටියොත් එක්කම) මේ වැඩසටහන්  වලට පිස්සුවෙන් වගේ ඇළුම් කලා. දෙරණින් විකාශණය වෙච්ච ඩෙල් ස්ටුඩියෝ එකත් හැමෝම අතර හෝඳටම ජනප්‍රිය වෙච්ච එකක්. ඒ වගේම හිරු ටී වී අන්ප්ල්ග් එකත් දැන් ජනප්‍රියයි.

ඒත් මම දැන් කියන්න යන්නෙ හිරු ටී වී එකෙන් විකාශනය වෙලා ඉවරවෙච්ච වැඩසටහනක් ගැන කියන්න. ඒ නදීක ගුරුගේ මහතා මෙහෙයවපු  සඳගිරි මුදුන වැඩසටහන. සුභාවිත ගීතයේ විකාශනය ගැන තිබ්බ වැඩසටහනක්. සිංහල සංගීතයේ දැනට ඉන්න ජ්‍යෙෂ්ටම සංගීත වේදීන්ගේ ගීත කිහිපයක් අරගෙන ඒක සංගීතය ඇසුරෙන් ඉතිහාසය සාහිත්‍යය කවිය වගේ හැම පැත්තකින්ම විග්‍රහ කරන වැඩසටහනක්.  හැමදාම රසිකයෙක් හැටියට කෙනෙක් එකතුවෙනවා. බොහෝවිට කවියෙක් හැටියට රත්න ශ්‍රී විජේසිංහයන් වැඩසටහනේ ඉන්නවා.

ඔබ සිංහල ගීත ප්‍රේමියෙක් නම්, නැත්තම් සිංහල සුභාවිත ගීතය ගැන කැක්කුමක් ඇත්නම්, කවියෙක් නම්, කවියට ඇළුම් කරන්නේ නම්, සිංහල භාශාව ගැන දැනගැනීමට කැමති නම්, සංගීතයේ විවිධ අවස්ථා, රස, විවිධ රටවල සංගීතය ගැන පෝෂණයක් ලැබීමට කැමති නම් මේ වැඩසටහන රස විඳින්න.


අවාසනවට මේ වැඩසටහන කොටස් 31කින් අවසන් වෙලා තියනවා. හැබැයි යූ ටියුබ් එකේ වැඩසටහන් සියල්ලම තියනවා. අහන්න.



Friday, September 4, 2015

අළුත් වැස්සක්

දශක හතරක් පුරාවට සිංහල ගීත සාහිත්‍ය පෝෂණයට ප්‍රශස්ථ දායකත්වයක් දැක් වූ ප්‍රවීණ ගේය කාව්‍ය රචක සුනිල් ආර්. ගමගේ මහතාගේ නිර්මාණ ඇතුලත් “අළුත් වැස්සක්“ සංගීත සංධ්වනිය මේ මස 06 වෙනිදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රනශාලාවේ හවස 6 ට පැවැත්වේ.

මහ පිරිත (පණ්ඩිත් අමරදේව), ඔරුව මගේ (නන්දා මාලනී), ඔබ පෙම් කරනා (ගුණදාස කපුගේ), පුර පෝය හඳට (සුනිල් එදිරිසිංහ), කවිය ඔබ (දීපිකා ප්‍රියදර්ශනී), ඔබ මා හමුවුණු (කරුණාරත්න දිවුල්ගනේ), ඔබ සඳක්මැයි (නිරෝෂා විරාජිනී), සිරි සිරිලක (අමරසිරි පීරිස්), අපි කතා නොකර ඉමු (ජානක වික්‍රමසිංහ) ආදිය ඔහුගේ ජනප්‍රිය ගී රචනා අතරින් අතලොස්සකි. 

මෙහිදී සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, ප්‍රදීපා ධර්මදාස මිත්‍ර කපුගේ වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගීත ගායනා කරනු ලැබේ. සංගීතය මෙහෙයවන්නේ රෝහන වීරසිංහයන් විසිනි.

සංවිධාන ශක්තිය මනරම් මීඩියා සොලූෂන්ස් වෙතිනි

Tuesday, March 27, 2012

මේඛලා.. මම ඔබේ හඬ විඳිමි

ඇයට මේ ලොව නොපෙනේ. අද වන විට ඇය ජනප්‍රිය වී හමාරය. මේ පෝස්ටුව වෙන් වන්නේ ඇය ගැන ලිවීමටයි.


මම ඇයගේ හඬ ගැන දැනගත්තේ බ්ලොග් හෙළයාගේ මියුසික් විතරමයි හි පෝස්ට් එකකිනි. 



පසුව ඇය කවුදැයි රට පුරා සෙව්වෙමි. නමුත් ඇය ගැන හරි තොරතුරක් නොලැබුනි. දිගින් දිගටම ඇයගේ ගීය රස වින්දෙමි. දෙතුන් මසක ඇවෑමෙන් ඇය ගැන පුංචි හෝඩුවාවක් දැනගැනීමට හැකිවිනි. ඒ ‍මේ ගීතය ගායනා කරන ගායිකාව අන්ධ බවත් සංගීත ප්‍රසංගය අතරමැදදී ඇය සින්දුව නවත්වා මුළු ශාලාවේම ආලෝකය විසන්ධි කර

“ මෙච්චර වෙලා සින්දුව ඇහැව්වෙ ඔයාල අහන විදිහටනෙ. දැන් මගේ විදිහට සින්දුව අහමු”
කියා ඉතිරිය ගායනා කරන බවත්ය.

එදා සිට මම එම වීඩියෝව සෙව්වෙමි. සෑහෙන්න මහන්සි වූ පසු එහි ඕඩියෝ ක්ලිප් එකක් ලැබුනි. එදා සිට මේ ගීතය වින්දේ වෙනස් ආකාරයකටයි. අද වෙන විට ඇය ජනප්‍රිය ගායිකාවක් වී හමාරය. ඇය ගැන මුළු ලංකාවම දනී. එම නිසා මා ඇගේ නිර්මාන කිහිපයක් ගැන කතා කරමි.

ඇයට මේ ප්‍රසිද්ධිය ලබාදුන් ගීතය අහන් ඉන්නයි. එහි පද රචනයේ ඇති සුවිශේෂ තාවය ඇගේ දුබලතාවය වන දෑස් නොපෙනීම ගැන හැඟීම තීව්ර කරවයි. සෝමලතා හේරත් මැණිකේ එවැනි පුද්ගලයින් සමග ගෙවූ දිවියෙන් ලැබූ පන්නරය මෙහිදි ගීතයට ආලෝකයක් ලබා දෙයි. මෙහි මා දකින සුවිශේෂතාවය වන්නේ සංගීතයයි. සංගීත භාන්ඩ දෙක තුනක් පමණක් භාවිතා කර ගීතයේ ඔප් නැංවිය යුතු මේඛලාගේ සොඳුරු හඬ මෙහිදී ඉතාම හොදින් ගොඩනගා තිබේ. රුවන් ශ්‍රී වල්පොල, ඔබගේ මේ නිර්මාණඛය ශ්‍රේෂ්ට නිර්මානයක් වන්නේ ඉහත කී හේතු කාරනාව නිසාමය.




ඇය තවත් එවැනිම ගීයක් ගායනා කළාය. ඒ අම්මා ගැන කියවෙන මට දෙන්න මට දෙන්න ගීතයයි. මෙම ගීතයෙත් අයිතිකරුවන් වන්නේ සෝමලතා හේරත් මැණිකේ සහ රුවන් ශ්‍රී වල්පොලයි. සංගීත භාන්ඩ දෙක තුනකින් මහා නිර්මාණයක් බිහිකල හැකි බව රුවන් නැවතත් සනාථ කර පෙන්වූ අවස්ථාවකි මේ.


එකම විහිළුව නැවත නැවත සිදුකල විට හිනා නොයයි. ඒ සාමාන්‍යය මතයයි. එලෙසම ගීතයක් එකමාකාරයෙන් එකම තනුවකට බිහිවන විට එයද මිනිසුන්ට එපා වෙයි. නමුත් මා දැන් යන්නේ එය එසේ නොවේ යන්න සනාථ කිරිමටයි. අම්මා... මේ ගීතයද මේඛලාගේ විශිෂ්ට ගායනා අතරට එක්වේ. ආදරණීය අම්මා.. මේ ඔබ වෙනුවෙන් අප හදවත් තුල පිරුණ ආදරයේ ගීතයයි.සියක් දහසක් දරුවන්ට අම්මලාගේ ආදරය දැනෙන්ට ගායනා කරන ගීතයයි. සෝමලතා හේරත් මැණිකේ නැමති ජීවක දියනිය නැවතත් තම පන්හිඳින් විශිෂ්ට පද රචනයක් බිහිකර අවසානය.

රුවන් ශ්‍රී තත් භාන්ඩ දෙක තුනකින් තවත් විශිෂට කෘතියක් නිමවා ඇත. එකම ආකාරයේ ගීතයක් වුවත් ඒ හැම එකක්ම එකිනෙකට වෙනස්ය. භාෂාව සහ සංගීතය හැසිරවීම මගින් නිර්මාණයට විශිෂ්ට නිමාවක් දී ඇත.
මේඛලා ගයන තවත් ගීතයක් මේ දවස් වල ජනප්‍රිය වෙමින් තිබේ. ඒ සුසුමක උණුසුමයි. මෙහි සංගීතය නවරත්න ගමගේ විසින්. පද රචනය සුගතදාස හීන්දෙනිය. හැබැයි මේක වෙනස් ආරක ගීයක්. විඳලම බලන්න.
ඇය ගයන තවත් ගීත කිහිපයක් තියනවා. ඒවත් පොඩ්ඩක් අහල බලන්න
නුඔ නොදුටු ඉසව්
මේ සින්දු දෙකම නවරත්න ගමගේ සමග සෝමලතා හේරත් මැණිකේ ගේ සුසංයෝගයක්.

මන්සිනා මල් පොකුරක්





Wednesday, May 4, 2011

බිරිද විවාහය සහ ප්‍රේමය


ලියන්න හිතාගෙන හිටියෙ ඇත්තටම වෙන පෝස්ට් එකක්. ඒත් හදිස්සියෙම හිතට දැනිච්ච සිතුවිල්ලක් හින්ද  මේ පෝස්ට් එක ලියන්න හිතුනා. 

හුගක් අය ප්‍රේමය කියන එක ඇතිවෙන්න අත්විදිනවා. ප්‍රේමයේ අවසාන ඵලය විවාහයම විතරක් නෙමෙයි. එහෙම නොවෙච්ච අවස්ථාවක ඇතිවෙච්ච හැගීම් එකතු කරල ලියවිච්ච ගීත කීපයක එකතුවක් මම කලින් පෝස්ට් එකකින් ලිව්වා. 

දැන් ලියන්නෙ විවාහය කියන අවසාන පළය ලැබුනහම හිතට ආපු අදහසක්. ඒත් බැන්දහම කෙලින්ම තමන්ගෙ පවුලව ආමන්ත්‍රනය කරන හිතට දැනෙන තැන් හරි අඩුයි. අපි ( අපි කිව්වෙ හේමාලුයි මමයි) දෙන්නා සෙට් වෙලා ඉගන ගන්න කාලෙ ප්‍රේමය ගැනත් ඒ ගැන හිතට දැනෙන දේවල් ගැනත් හිතට දැනිච්ච දේවලුත් බෙදා හදා ගත්තා. ඒ කාලෙ තමයි දයාන් විතාරණ තමන්ගෙ පළවෙනි සංගීත ඇල්බම් එක රසිකයන්ට අහන්න දුන්නෙ. ඒකෙ තිබ්බ හුගක් සින්දු හිතට දැනෙන ඒවා. (පොඩි අමතක වීමකුත් තියනවා. ඔය කාලෙදිම තමයි වසන්ත කුමාර කොබවක තමන්ගෙ ගේය පද රචනා අඩංගු සී ඩී එකකුත් නිකුත් කලේ. මේක අපි ඇහැව්වෙ ඒකෙන්ද මන්දා) ඒකෙන් එක සින්දුවක් තදින්ම හිතට වැදුනා.

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි සදාදර

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මට මෙහි නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයට උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන

මේ සින්දුව ලිව්වෙ නම් වසන්ත කුමාර කොබවක. සංගීතය නවරත්න ගමගේ. ප්‍රේමය වෙනුවෙන් මැරෙන්නම් කියල සින්දු කියපු කාලෙ මේ වගේ පද පේලියක් තිබ්බ සින්දුවක් ඇත්තටම හිතට හරිම සැනසුමක් වුනා.
අයාලේ පාවෙලා ගිය හිත නවතින්නෙ උණුසුම් වෙච්ච කැදැල්ලක. ඒ කැදැල්ලේ ගෙවන ආදරය තරම් සුවයක් මට වෙන කොයින්ද?

මේ ගීතයේ අමුතු සිංහල වචන තිබ්බා. ගීතයේ තේරුම හොදින් දැන ගන්න ඕනෙ හන්ද හේමාලුත් මමත් ඒ වචන වල අර්ථය මොකක්ද කියල හොයල බැලුවා.

“මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස”
මුලින්ම ඔය පද ටික ඇහුනෙ “වේ ගුලකින් රිංගන තරු එලියක් ලෙස” කියල. වේගුලකින් කොහොමද තරු එලියක් එන්නෙ. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ. පස්සෙ තමයි දැනගත්තෙ මේ කුල කියල කියන්නෙ මේඝ වලාකුල කියලා. කැට තලය කියන්නෙ කැටපත් පවුර කියල.

ඊටත් පස්සෙ තවත් හිතට වැදුනු සින්දුවක්. මට මේ සින්දුව අහන්න හම්බවුනේ මගෙත් හිතේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ දවසක. එදා අපි මේ සින්දුවෙ ගිටාර් කෝඩ් ටිකත් හොයාගෙන හිතේ හැටියට කිව්වෙ දමිතුයි දිනුකයි එක්ක ඒගොල්ලන් ගෙ ගෙදරදි. 

හිරුට හොරෙන් සඳූට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ

ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරඹන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ

ඔබේ වදන් අමසරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ

මේ ගීතය ගායනා කරන්නෙ ටී එම් ජයරත්න සින්දුව ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශයන්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන්.

මට අවැසි ඔබ පමණයි. ඔබේ දෑසේ තරු එලියෙන් මා ලොව දකින්නම්. ඔබේ මිහිරි වදන් වලින් මම ලෝකයේ හඩ දැනගන්නම් . මට කුමටද තවත් එලියක්, තවත් හඩක්. ඔබේ ආදරය සෙනෙහස මේ හැමට වඩා යටයි ප්‍රියේ.

තමන්ගේ භාර්යාව ගැන ලියවිච්ච මම අහපු ලස්සනම සින්දුව කියන්නෙ අමරදේව මහත්තය. ඒ ගීතයෙන් භාර්යාවක් පිළිබද ස්වාමියෙක් තුල ජනිත වෙන උපරිම හැගුම් සමුදාය තියනවා. ඒ ලස්සන වදන් පෙල සොදුරු සංගීතයයි අමරදේවයින්ගෙ භාවමය ස්වරයයි එක්ක එකතු වුනහම ඇතිවෙන සිතුවිල්ල කියල නිම කරන්න බෑ.

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින....

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්. . .
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්. .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
අත දරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ. . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ. .

මේ ගීතය ලියල තියෙන්නෙ සුනිල් ආරියරත්න මහත්තය. රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. දරුවන් ඉන්නා තාත්තා කෙනෙක් තමන්ගේ ප්‍රේමණීය භාර්යාව ගැන හිතන විදිහ. මම මේ සින්දුව අහපු මුල් දවසෙ වගේම අදත් එකවගේ විදින්න පුළුවන්. 

සුනිල් ආරියරත්නයන් මේ වචන ටික කොහොම ගෙත්තම් කලාද කියල මට තවමත් හිතාගන්න බෑ.

Wednesday, November 3, 2010

වැහැපන් මල් වරුසාවේ - ප්‍රේමය - විරහව - වැස්ස සහ කුඩය

 
ප්‍රේමය හරිම සුනදර අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න ඕනෙද? හැබැයි ප්‍රේමයම තවත් අයට බොහොම අසුන්දර අත්දැකීමක් වෙනවා. අවස්ථාව මත රදා පවතින දෙයකට හොදම උදාහරණයක් තමයි ඒක.

වැස්ස. ප්‍රේමයේ චමත්කාර බව වැඩි කරන අහිංසක අවස්ථාවක්. බොහොම පෙම්වතුන් වැසිකාලෙ පුංචි කුඩයක් පාවිච්චි කරන්නෙ ප්‍රේමයේ ඒ මිහිර විදගන්නයි. (කාලයක් මමත් එහෙම පාවිච්චි කලා). දෙන්නෙකුට තියා එක්කෙනෙකුටවත් යන්න බැරි පුංචි කුඩේක මල් වැස්සක නොතෙමි යන්න තියනවනම් ඒ මිහිර ගැන කවර කතාද? ඒවා දන්නෝ දනිති. එහෙම නේද?

ප්‍රේමය නිසා බොහෝවිට ඇතිවෙන්නෙ විරහවක්, දුකක්.  ප්‍රේමයෙන් විරහවකට පත්වෙච්ච කෙනෙකුට ඉතුරු වෙන්නෙ ප්‍රේමයේ මෙවැනි සුන්දර මතක විතරයි.

ඉතින් පෙම්වතුන් ලග නිතර ගැවසෙන දේවල් තමයි ප්‍රේමය - විරහව - වැස්ස සහ කුඩය. ඔය මාතෘකා හතරම ගොනුකරල ලියවෙච්ච සුන්දර ගීත කිහිපයක් ගැන තමයි මම කියන්න යන්නෙ.

පළවෙනි ගීතය නම් මම සෑහෙන කාලයක් තිස්සෙ හෙව්වා. මෑතකදි තමයි හම්බවුනේ. මුලින් මම හිතාගෙන හිටියෙ මේ ගීතය ගායනා කරන්නෙ ශාලිත අබේවික්‍රම මහත්තය කියල. පස්සෙ බලන කොට තමයි දැනගත්තෙ මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදක සුමිත් ප්‍රියංකර මේ ගීතය ගායනා කරනවා කියල. ලිව්වෙ කවුද සංගීතය කාගෙද කියල නම් හොයා ගන්න බැරිවුනා.

මේ යොමුවෙන් ගීතය ලබාගන්න

මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ

පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ

මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....///


විරහව සහ කුඩය කිව්ව ගමන්ම අපිට මතක් වෙන කුඩයක් තියනවා. ඒ රෝහන වීරසිංහයන් ගායනා කරන මුතුකුඩය. මේ ගීතය නම් ලියල තියෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහත්තයා. සංගීතය සපයල තියෙන්නෙ පුණ්‍යසිරි මහවත්තයන්.

ඉතින් මේ යොමුවෙන් ගීතය ලබාගන්න.

මුතුකුඩ ඉහලන මල්වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා.... රිය කවුළු තුලින්
යටගිය දවසේ....
දෑස ගියා ඉගිලී

අදුරු ලලා... සෙංකඩ ගල වැස්සේ
දිය දහරා... පාටයි දේදුන්නේ
තෙමී තෙමී.... ආදර මධුවැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

රිය ඇතුලේ ... උණුසුම ඔබට දිදී
නහවයි මා... රිය සක මඩ වතුරේ
නැහැ සිත රිදුනේ... අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රිය සක දන්නේ

මේ ගීත දෙකෙන්ම ලැබෙන හැගීම හරිම උණුසුම්, ලස්සන විරහවක්.
මේ ගීත දෙක ලියවිච්ච අතර කාලයකදී (2002 – 2005) වගේ කාලෙකදී  ක්‍රිෂාන්ත එරන්දකත් ප්‍රේමය විරහව වැස්ස සමග කුඩය ඇතුලත් ගීතයක් ගායනා කලා. වෙනසකට තියෙන්නෙ මේ ගීත දෙකටම වඩා එහා ගිය අහිංසක ආසාවල් මේ ගීතයේ රසවත් ලෙස දක්වලා තිබීමයි.

මේ යොමුවෙන් ගීතය ලබාගන්න

මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් //

තනිවම වත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා ///

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා///

මේ වගේ ප්‍රේමය - කුඩය - වැස්ස - විරහව අඩංගු ගීත බොහොමයක් සිංහල ගීත සාහිත්‍යයයේ ලියවිලා තියනවා. පුළුවන්නම් මේ ගීත බාගෙන රස විදින්න. අවස්ථාවක් ලැබුණොත් ප්‍රේමය තුල ගිලිලා මේ සුන්දර අවස්ථාව රස විදින්න. මොකද බැන්දට පස්සෙ ඔය දේ ටිකක් වෙනස් වෙනවා මේ විදිහට. මේ ගීතය ගායනා කරන්නෙ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙනවිය. ගීතය ලියල තියෙන්නෙ සීතා රංජනී විසින්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහන වීරසිංහයන් විසින්

මේ යොමුවෙන් ගීතය ලබාගන්න

මේ වහින්නේ - එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොදුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි

ජීවිතේ දෝතින් දරා අපි
එදා පෙම්බස් මිමිනුවේ
සිරිපොදේ සීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුනේ

එදා මල්වරුසාමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතුවුදා
එක කුඩේ ඇයි මදිවුනේ

Monday, August 16, 2010

සියුමැලිද මේතරම් කළුගල්

කළුගලක් ඇත්තටම සියුමැලිද? කළුගල් කොතරම් දැඩි වුවත් එය වෙඩෙරු පිඩකින් මෙන් නිමවු සේ පෙනෙන සමාධි පිලිමය අවුකන පිළිමය ඉසුරුමුණි පෙම් යුවල වැනි අනගිභවනීය නිර්මාණ හෙළ කලාකරුවාගේ දක්ෂතාවය මොනවට කියාපායි.

ඒ සුවිසල් අවුකණ පිළිමය නිමවූ කලාකරුවා කෙබන්දෙකු විය හැකිද? ඔහු හමුවීමට ගිය අයෙකු සමග පිලිසදරක් ඇතුලත් රමණිය ගීතයක් සුනිල් එදිරිසිංහයන් ගායනා කරනවා.

මේ තරම් සියුමැලිද කළුගල්

සිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා



කලා වැව ලග ඉළුක් හෙවනක

මැටි පිළක පැදුරක් එලා

රිදුම් පිරිමදිමින් බලයි ඔහු

මැරෙන ඉපදෙන රළ දිහා



ඉසුරුමුණියේ නුඔ තැනූ

පෙම්බරිය  කොතැනද කියා

මා ඇසූ විට හිනැහුනා ඔහු

තවම තනිකඩ යයි කියා

මේ ගීතය මුලින්ම අහන්න හම්බවුනේ අහමිබෙන්. ඒත් පුදුම විදිහට මගේ හිත බැදගත්ත ගීතයක් වුනා. මේ ගීතයෙ අයිතිකාරයො වෙන්නෙ රජී වෙල්ගම සහ දර්ශණ රුවන්. ගීතය අති සුන්දර වෙන්නෙ සුනිල් එදීරිසිංහයන්ගෙ අති මෝහනීය හඩත් එක්ක. ඔබත් ගීතය මෙතනින් ලබාගන්න.


Monday, May 31, 2010

ඉවාන් පවුලූෂා



මීට අවුරුදු 10 -15 කට කලින් ජාතික රූපවාහිනිය ඉදිරිපත් කරපු ප්‍රාසාංගික වැඩසටහනක් තිබුනා “යාත්‍රා“ කියල. ඒ කාලෙ මම පොඩි එකෙක් වුනත් ඒ ප්‍රාසාංගික බව විදගන්න තරම් හොද මානසිකත්වයක් තිබුනා. ඒ කාලෙ ජාතික රූපවාහිනියෙ තිබුණෙම බලන්න පුළුවන් විදින්න පුළුවන් වැඩසටහන්. නදුන් උයන, නවයයි පහ, කදමල්ල වගේ වගේම මනෝහාරි වගේ සංගීත වැඩසටහනුත් ඒ අතර තිබුනා. මේ සින්දුවත් යාත්‍රා වැඩසටහනේ තිබුණ එකක්. නම ඉවාන් පවුලූෂා. කොළඹ විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන් ඒ දවස් වල කරපු සෞන්දර්යාත්මක වැඩක්. කෙලින්ම රුසියාව මුල් කරගෙන ලියවෙච්ච ගීතයක් තමයි මේක. ගායනා කරන්නේ අප්සරා ද සිල්වා. ගී පද ලියල තියෙන්නෙ චාරුක සුරවීර සහෝදරයා. පොඩිකාලෙ ඉදන් ආස රුසියානු පත පොත හන්ද බොහොම ආසාවෙන් රස විදින්න පුළුවන්. වැඩ බැරිදාස, අම්මා, දොන් පෙදෙසේ කතා වගේම ලස්සන වසීලිස්සා වගේ පොත් කියවනකොට මැවෙන රුසියාවෙ දර්ශණ මේ ගිතයේ පසුබිමෙන් දැනෙනවා. රූප රචනයත් සෑහෙන්න ඉහල මට්ටමක තියනවා. දැන් ඉන්න රූපවාහිනියෙ පාලකයො වැල යන අතට මැස්ස ගහන්නෙ නැතුව මේවගේ දේවල් බලල ඒකාලෙ තිබුණ ගුණාත්මකභාවය වර්ධනය කරගත්තනම් හොදයි මට හිතෙන්නෙ.