මම කොටයි තලඑලළුයි
මම ආස සුදු උස ගෑණු ළමයෙකුට
ඒ සුදු උස ගෑණු ළමයා කැමති
කළු උස පිරිමි ළමයෙකුට
ඉතින්....
මම ආස සුදු උස ගෑණු ළමයෙකුට
ඒ සුදු උස ගෑණු ළමයා කැමති
කළු උස පිරිමි ළමයෙකුට
ඉතින්....
Entertainment - Songs - Poems
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි සදාදර
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මට මෙහි නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක
සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයට උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන
“මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස”
හිරුට හොරෙන් සඳූට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ
ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරඹන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ
ඔබේ වදන් අමසරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින....
මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්. . .
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්. .
බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
අත දරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ. . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ. .