Monday, November 16, 2009

අසඩක් ජීවිත වෙදිකාවෙන් සමුගනියි


දශක ගණනාවක් තිස්සේ රසික ජනතාව අතර සිටි ජනතා කළාකරුවානන් හෙන්රි ජය‍සේන මහතා පසුගියදා අපෙන් සමුගත්තා. රූපවාහිනී නළුවෙකු, වේදිකා නළුවෙකු, චිත්‍රපටි නළුවෙකු, තිර රචකයෙකු මෙන්ම වෙදිකා නාට්‍යය රචකයෙකු ලෙස කීර්තියක් හිමිකරගෙන සිටි එතුමා වඩාත් රසිකයන් අතර ජනප්‍රිය වුයේ දූ දරුවෝ ටෙලිනාට්‍යයේ සුදු සීයා ලෙසින්.

ගම්පහ ලෝරන්සි විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විදුහලෙන් අධ‍්‍යාපනය හැදෑරු මෙතුමා නැසීගිය මානෙල් ජයසේන මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයායි.

ජනප්‍රිය හා අර්ථාන්විත නාට්‍යය වු හුණුවටයේ කතාව, කුවේනි, ජනේලය, තවත් උදෑසනක්, අහස් මාලිගා, අපට පුතේ මගක් නැතේ, දිරිය මව, මකරා, මනරංජන වැඩවර්ජන වැනි නාට්‍යයන් රචනා කලේද මෙතුමා විසිනි. ගම්පෙරලිය චිත්‍රපටයේ පියල්, හුණුවටයේ කතාවේ අසඩක්, දහසක් සිතුවිලි හි ලලිත්, දූ දරුවෝ හි සුදුසීයා මෙතුමාගේ රංගන කෞෂල්‍යය විදහා පෑ අවස්ථාවන්ය.

කලා ක්ෂේත්‍රයේ මෙතුමා නැති අඩුව සදාකල් දැනෙනු ඇත. හෙන්රි ජයසේන මහතානෙනි, ඔබට නිවන් සුව!

image : http://www.maneljayasena.org/manelj-006.jpg

No comments:

Post a Comment