Saturday, January 9, 2010

2010ට.....


වසරකට කලිනුත්

මෙවැනිම වසරක්

ලැබුවා මතකයි

මතකය සුවදයි

දින දසුනේ

යලි කොළ ගැලවී

තවත් අළුත්

අවුරුද්දක් ලබයි දැන්

සැම සිත්

එක් සිත් කර

පොදි බැද ගෙන

නැවුම් හැගුම්

සැම හද

තුරුළු කරන්

එලඹෙන වසර‍ට

නෑගම් යන්නේ

සාමය හා සතුටත්

රැගෙනයි

එලැඹුණු වසරේ

කිරියෙන් පැණියෙන්

ඉතිරි යේවා.....


No comments:

Post a Comment