Monday, January 18, 2010

මේ දවස් වල මගේ ටේස්ට් එක

පහුගිය කාලෙ පුරාවටම මම සිංදු අහන එකෙන් වැලකිලා හිටියා. ඒ වෙන මොහොකටවත් නෙමෙයි. අහන්න හොද සිංදුවක් හම්බ වුනේ නැති හින්දා. මොකද දැන් කවුරුවත් හොද සිංදුවක් නිර්මාණය කරන්නෙ නැති හන්දා. නව පරම්පරාව ප්‍රවිණයො කියල මගේ වෙනසක් නෑ. සිංදුව හොදනම් රස විදින්න පුළුවන්නම් මම අහනවා. අන්තිමට එහෙම රසවින්ද මතකයේ රැදුන සින්දු දෙකක් තමයි කසුන් කල්හාරගෙ ඇරඹුමම කදුලක් වෙලා කියන සිංදුව. දිලීප අබේසේකර, නාලක අංජන කුමාර එකතුවෙන් හැදිච්ච සිංදුව හරිම හැගුම්බර අරුත්බර ගීතයක්. අනෙක් ගීතය තමයි නදීක ජයවර්ධනගෙ සිහිනයක් කියන සිංදුව. මම ඒ සින්දුව මුලින්ම ඇහැව්වෙ මීට අවුරුදු හයකට විතර කලින් සිරස ‍ටී වී එකේ තිබ්බ ලුක්ස් ලයික් වැඩසටහනට ඇමරිකාවෙ රුක්ෂාන් මාර්ක් කියපු ගිත ඛන්ඩයක්. සම්පූර්ණ සින්දුවම ඒ වෙලාවෙ අහන්න බැරි වුනත් “මා වටකර සිහිනයක් මැව්වා පරිප යාදරියේ “ කියන වචන ටිකම මගේත් හේමාල්ගෙත් හිත ගන්න සමත් වුනා. රුක්ෂාන් මාර්ක් ඇල්බම් එකක් පිටකරන කන් අපි බලන් හිටියා. අන්තිමට ඇල්බම් එකක් පිටකලත් අපි බලාපොරොත්තුවෙච්ච සින්දුව ඒකෙ තිබ්බෙ නෑ. පස්සෙ තමයි දන්නෙ ඒ සින්දුව ඇත්තටම කියන්නෙ නදීක ජයවර්ධන කියල.



ඔය සින්දු වලට පස්සෙ මාස කීපයක් මගේ හිතේ සින්දු රික්තයක් තිබ්බා.විටින් විට රම්බරි වගේ සින්දු ඇවිත්ගියාට හිත පිරෙන සින්දු තිබ්බෙ නෑ. ටික දවසකට කලින් විවේකිව සින්දු දෙක තුනක් අහන්න හම්බවුනා. ඒවගේ රූප රචනාත් බැළුවා. ඉතින් මගෙ හිත ගිය සින්දු දෙක තුනක් ගැන ලියන්න හිතුනා.



අහපු සින්දු වලින් පළවෙනි තැනට තියෙන්නෙ කසුන් කල්හාරගෙ සද මිතුරි කියන සින්දුවට. කලබලකාරි අවිවේකි පෙම්වතුන්ට ගැයෙන හදට දැනෙන අරුතක් තියන ලස්සන සින්දුවක් තමයි ඒ. සින්දුවෙ රූප රචනාවත් සින්දුවටම ගැලපෙන තාලෙ ලස්සන එකක්. කාලෙකට කලින් සිර‍ස ටීවි එකෙන් කරපු රූප රචනාවක් තිබ්බා ජගත් වික්‍රමසිංහගෙ ඔබේ සිනා ලග සිත නැවතුන දා කියන ගීතයට. ( ඒ මම සිරසෙන් දැක්ක එකම අරුත්බර රූප රචනාව. අනිත් හුගක් ඒවා අපි නොදන්න ලයිව් එකේ රතු මල්ලිගෙ රූප රචනා වගේ) ඒ සින්දුවෙන් පස්සෙ දැක්ක අරුත්බරම රූප රචනාව මේකයි.

අවිවේකි ආදරයේ අමිහිරියාව මේ ගීතයෙන් දැනෙනවා. බලන්න පද පෙළ දිහා.
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණිබින්දු මල්වැහි අරන්
සද මිතුරි සිත මිහිරි කළ මැනවි
බිදු කදුළු පිණි පොකුරු කළ මැනවී

මට මමම වී ඉන්න ලෝකෙන් බිදක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය
ආදරය දළු ලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරනින් දැවෙනා

ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිණි වැහිපොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළු ලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරනින් දැවෙනා




ඊට පස්සෙ මම යොමුවෙන්නෙ යොවුන් ආදරය ගැන කියවෙන නීල කදු ගැටේ කියන ගීතය. ගායනා කරන්නෙ සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරාත් රූකාන්ත සහ චන්ද්ර ලේඛා ගේ දියණිය රයිනි චාරුකාත්. දෙමාපියන්ගෙන් ස්වායත්ථ හොද දෙවෙනි පරම්පරාවක ලකුණු මෙම ගීතයෙන් පෙන්නුම් කරනවා. චන්ද්රයලේඛාගේ කටහඩ‍ට බෙහෙවින් සමීප චාරුකාගේ හඩ විවිධ පරාසයන් ඔස්සේ ගමන් කරමින් ගීතයේ අලංකාරත්වය වැඩි කරනවා. වයිඩ් ඈන්ගල් ආයතනය කල වෙනස් විදිහේ රූප රචනාව ගීතයට අළුත් අලංකාරත්වයක් එකතු කරනවා. රූප රචනාව එක්ක 100%ක් එකග වෙන්න බැරිවුනත් ඒකෙ කිසියම් ගැලපිමක් තියනවා. තුරුණු ආදරය ගැන ලියැවුනු පද පෙලක් හොද සංගීතයක් එක්ක මුසුවීමක් මම මෙහිදී දකිනවා. නමුත් මෙය මා කැමති තාලයේ ගීතයක්.



ඊලගට කතා කරන්න හදන්නෙ මේවාට සාපේක්ෂව ටිකක් පැරණි ගීතයක්. මේකත් පිය උරුමයෙන් ස්වායත්ත පුතෙක්ගෙ වැඩක්. ගීතය මල් පිට මල්. ගායනා කරන්නෙ අමල් පෙරේරා. සංගීතය කසුන් කල්හාරගෙ. ස්පාඤ්ඤ ශෛලියට ලැදි මේ ගීතය ඇත්තටම හොද Work එකක්. සංගීතය සමග මුසුවෙන රූප රචනාව මෙන්ම ගීටාරය සහ වයලීන‍ය පාදක කොටගත් සංගීතයද වැදගත්. කසුන් කල්හාර පහුගිය කාලෙදී මේ ‍ශෛලියෙ ගීත කිහිපයක් නිර්මාණය කලා. කිත්සිරි ජයසේකරගෙ අමීෂා ඉන් එක් ගීතයක්.



ඉතින් මේ ගීත ඔබත් රස විදියි කියල මම විස්වාස කරනවා.

Saturday, January 9, 2010

2010ට.....


වසරකට කලිනුත්

මෙවැනිම වසරක්

ලැබුවා මතකයි

මතකය සුවදයි

දින දසුනේ

යලි කොළ ගැලවී

තවත් අළුත්

අවුරුද්දක් ලබයි දැන්

සැම සිත්

එක් සිත් කර

පොදි බැද ගෙන

නැවුම් හැගුම්

සැම හද

තුරුළු කරන්

එලඹෙන වසර‍ට

නෑගම් යන්නේ

සාමය හා සතුටත්

රැගෙනයි

එලැඹුණු වසරේ

කිරියෙන් පැණියෙන්

ඉතිරි යේවා.....