Monday, October 20, 2014

මෝටර් ෂෝ


සීයක් දී ටිකට් ගෙන
සීයක පොරි පැකට් එකක් ගෙන
අසූවක මැගී කා
වියතක රෙදිකඩින්
විලිවසාගත් යුවතියන් දැක
ඔව්හු ගෙදර යති බස් රියෙන්

මෝටර් ෂෝ බලා අවසන් කර

පින්තූරය හොයාගත්තෙ මෙතනින් 

Monday, October 6, 2014

කිසාගෝතමී


කිසිවෙකු නොමළ ගෙයකින්
අබැටක් සෙවූ ඇය
තවමත් සොයයි
අප අතර සිට
වරදක් නොකල මිනිසෙක්

පළමු ගල ගැසීමට