Friday, September 4, 2015

අළුත් වැස්සක්

දශක හතරක් පුරාවට සිංහල ගීත සාහිත්‍ය පෝෂණයට ප්‍රශස්ථ දායකත්වයක් දැක් වූ ප්‍රවීණ ගේය කාව්‍ය රචක සුනිල් ආර්. ගමගේ මහතාගේ නිර්මාණ ඇතුලත් “අළුත් වැස්සක්“ සංගීත සංධ්වනිය මේ මස 06 වෙනිදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රනශාලාවේ හවස 6 ට පැවැත්වේ.

මහ පිරිත (පණ්ඩිත් අමරදේව), ඔරුව මගේ (නන්දා මාලනී), ඔබ පෙම් කරනා (ගුණදාස කපුගේ), පුර පෝය හඳට (සුනිල් එදිරිසිංහ), කවිය ඔබ (දීපිකා ප්‍රියදර්ශනී), ඔබ මා හමුවුණු (කරුණාරත්න දිවුල්ගනේ), ඔබ සඳක්මැයි (නිරෝෂා විරාජිනී), සිරි සිරිලක (අමරසිරි පීරිස්), අපි කතා නොකර ඉමු (ජානක වික්‍රමසිංහ) ආදිය ඔහුගේ ජනප්‍රිය ගී රචනා අතරින් අතලොස්සකි. 

මෙහිදී සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, ප්‍රදීපා ධර්මදාස මිත්‍ර කපුගේ වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගීත ගායනා කරනු ලැබේ. සංගීතය මෙහෙයවන්නේ රෝහන වීරසිංහයන් විසිනි.

සංවිධාන ශක්තිය මනරම් මීඩියා සොලූෂන්ස් වෙතිනි