Friday, January 2, 2015

ඇතීනා - ඔබ මගේ දෙව්දුව


දිගැටි නාසයත්
දිගැසින් බලන බැල්මත්
මුදු මුවේ කැල්මත්
සුරතලෙන් තෙපලන වදනත්
සිහින් දිග ගවුමත්
විහිදලූ කෙස්සත්
නෙළුම වැනි මුහුනත්
හිමින් ලැසි ගමනත්
කරයි හදවත
පුරා මන්මත්
යුද්ධයට අධිපති
දැනුමට හිත ඇති
රූපයට හැඩ ඇති
ඔබයි මගෙ සඳවත
ඔබයි මගෙ සොයුරිය
ඔබයි මගෙ සොඳුරිය
ඔබයි මගෙ දෙව්දුව
ඇතීනා