Showing posts with label ඡායාරූප. Show all posts
Showing posts with label ඡායාරූප. Show all posts

Tuesday, July 11, 2017

ප්‍රතිග්‍රහනය - සඳාත්මය - සොලසක් රූ




ගෙවීයන මාස කිහිපය ඡායාරූප කලාවට සුබදායක අවධියක් වේ. විවිධ මාතෘකා ඔස්සේ පසුගිය කාල පරාසයේ පැවති ඡායාරූප ප්‍රදර්ශන සහ ඉදිරියට පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන ගැන පොඩි පෝස්ට් එකකි මේ

අමිලගේ ප්‍රතිග්‍රහනය
මේ දකුණු ආසියාවේ පළමු වැනි ජංගම දුරකතන ඡායාරූප ප්‍රදර්ශනයයි. ඡායාරූපය ලබාගැනීම සංස්කරනය ඇතුළු සියළුම කටයුතු ජංගම දුරකතනය මගින්ම සිදුකර තිබිම මෙහි ඇති විශේෂත්වයයි. අමිල මේ සඳහා භාවිතාකර ඇත්තේ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයකි. ප්‍රදර්ශනය නැරඹීමේදී එම ඡායාරූප වල මූලාරම්භය ජංගම දුරකතනයක් බව කිසිවෙකුටත් නොසිතේ. ඡායාරූපයක තිව්‍රතාවය, ඡායාරූපයේ ප්‍රකාශනය, වර්ණ සමබරතාවය වැනි සියලුම කරුණු වලින් අංග සම්පූර්ණ ඡායාරූප අපට එහිදී දැකගත හැකිවිය.

හැමටම ජංගම දුරකතන ඇත. හැම දෙනාම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගනිති. සෙල්ෆි ගනිති. අමිලගේ ඡායාරූප ප්‍රදර්ශනය නැරඹු පසු ජංගම දුරකතනයෙන් ඡායාරූප ගැනීම නව මගකට යොමුකිරීම උදෙසා තරුණ පරම්පරාවට අදහසක් ජනිත කරවීමට හැකිවූ බව මගේ අදහසයි.

තේනුවරයන්ගේ සඳාත්මය
අමිලගේ ගුරුතුමා තේනුවර මහතායි. තේනුවර මහතා මෙයට කලින් මෙවැනිම එක මාතෘකාවක් ඔස්සේ ඡායාරූප ප්‍රදර්ශන පවත්වා තිබේ. පැනෝරාම, ආලෝක පින්තාරු එතුමාගේ ප්‍රදර්ශනයි. මෙවර එතුමාගේ මාතෘකාව සඳ එළියයි. සඳ එලියෙන් ආලෝකමත්වූ ලංකාවේ ස්ථාන බොහොමයක් මේ ප්‍රදර්ශනයේ දී අපට දැකගැනීමට හැකිවිය. ලක්ෂපාන දිය ඇල්ල, රැස්වෙහෙර, ආරුක්කු නවයේ පාලම. සීගිරිය, කොත්මලේ විහාරය වැනි ස්ථාන වල බොහෝ දුක් විඳගෙන ගත් ඡායාරූප බොහොමයක් එහි වුනා.

එකම ඡායාරූපය ගැනීමට හතරපස් වතාවක් එතුමා ලංකාව වටේම ඇවිද තිබුනා.

තේනුවරයන් හා හැමදාමත් ගහට පොත්ත ලෙස හිඳින ඔහුගේ ගෝල පරපුර ඔහුගේ මේ මහා ව්‍යායමයට නිරතුරුව උදව් කරනු ලැබුවා

හැමදාමත් අළුත් අදහසක් සහිතව ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන තේනුවර මහතාගේ මේ ප්‍රදර්ශනය පැවැත්වූ හෝර්ටන් පෙදෙසේ ජේ ඩී ඒ පෙරේරා කලාගාරය අඳුරේ ගිලී ඡායාරූපය පමනක් එලිය වන අයුරින් තනා තිබූ සැකැස්මද ප්‍රදර්ශනයට නව එලියක් එක් කලා.

ලාල් හෑගොඩයන්ගේ සොලසක් රූ
හෑගොඩයන් වසර ගනනාවකට පසු තමන්ගේ ප්‍රදර්ශනයක් පැවැත්වූයේ පසුගිය මාසයේයි. එතුමා අසනීපවූ පසු ඉතාම අසීරුවෙන් කැමරාවට නංවා ගත් ඡායාරූප දහසයක් මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වුනා. ඊටත් අමතරව එතුමා ප්‍රදර්ශනය සඳහා ලබාගත් තවත් ඡායාරූප කිහිපයක් ද මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වුනා.

ප්‍රදර්ශනය පැවැත්වුනේ ලයනල් වෙන්ටඩ් හී හැරල්ඩ් පීරිස් ශාලාවේ. උපතින්ම කවියෙකු වූ හැගොඩයානන්ගේ කවි සිතුවිලි මුසු ඡායාරූප බොහොමයක් පැමිනි පිරිසගේ සිතුවිලි සමග දොඩමළු වූවා.

ලාල් හැගොඩයන්ගේ ඡායාරූප විටෙක කවියක් වගෙයි. තවත් විටක ඉතා ගැඹුරු අදහස් සම්පින්ඩනය කරයි. දරුණු දේශපාලන කියවීම් වලින්ද යුක්ත වෙයි.

Saturday, March 12, 2016

වැරදි බෝඩ් දෙකක් එකට එකතුවුනහම වෙන දේ

 මේ තියෙන්නෙ එකිනෙකට ලම්භකව තියන බෝඩ් දෙකක්. ප්‍රධාන පාරෙන් හැරිල යන්න තියෙන්නෙ වැසිකිලියට.  නමුත් එතනම ජීවිතයට ඔවදනකුත් ලියලා. මේ දෙකම එකට අහුවෙන්න මම පොටෝ එකක් ගත්තා. එතකොට එන්නෙ ටිකක් වෙනස් විදිහෙ අදහසක්.

මම මේක ගත්තෙ ත්‍ර්කුණාමලයෙ කෝනේස්වරම් කෝවිලට යන පාරෙ තිබිලා.

වෙන වෙනම ගත්තහම කිසි වැරැද්දක් නැතත් එකට ගත්තහම නම් වස වැරැද්දක්.

Tuesday, February 3, 2015

කලා පොල 2015

ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් ආයතනයේ අනුග්‍රහයෙන් කළා පොල මෙවරත් 22වෙනි වතාවට පසුගිය 25 වෙනිදා නෙළුම් පොකුණ මාවතේ දී දවස පුරා පැවැත්වුනා.

විවිධ මට්ටමේ කලාකරුවන් 250කට අධික ප්‍රමාණයකගේ වෙළද කුටි මෙහිදී ප්‍රදර්ශනය වුනා.

මෙවරත් අධික ජන ගඟක් මෙම අවස්ථාව නැරඹීමට පැමිණ සිටියා.

මෙහිදි ලබාගත් ඡායාරූප පෙළක් පහත දැක්වේ.

ප්‍රදර්ශණ කුටිවල ආරම්භය


බ්‍රැඩ්ලි ජයතුංග මහතා ආලේඛ්‍ය චිත්‍රයක් අඳිමින්




නිසංසලා වික්‍රමරත්න ගේ “වලං ආර්ට්“




Friday, October 29, 2010

ඡායාරූප ප්‍රදර්ශණයක්...

ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ වාර්ෂික ඡායාරූප දැක්ම 55 වෙනි වරටත් පැවැත්වේ. දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ අගනා ඡායාරූප එකතුවක් මෙහිදි ප්‍රදර්ශණය කිරීම‍ට නියමිතයි. ප්‍රදර්ශණය රුසියානු තානාපති වැලමිදර් මිකාහයලොව් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

දිනය - 2010 ඔක්තෝම්බර් මස 30 සහ 31 දෙදින්
වේලාව - උදෑසන 10.00 සිට සවස 7.00
ස්ථානය - ලයනල් වෙන්ටඩ් රගහල, කොළඹ 07

Thursday, September 16, 2010

කැළණියේ පෙම්වතුන්

කැලණි විහාරයේ
දහසක් සුපෙම්වතුන් මැද
දුටිමි ඔබේ සුපිරිසිදු වත
නංගියේ මල්ලියේ
පන්සලේ අනුරාගිණි සිතින්
නොපහන් සිතුවිලි මෝදුවූ
කුරුළු ‍ජෝඩු තුරුළුව වෙසෙනා සද
දුටිමි ඔබ දෙපළ එක්ව පැහැදී
බුදුන් පුදනා සීරුව

Tuesday, February 23, 2010

ඡායාරූප ප්‍රදර්ශණයක් දුටිමි


මම ඡායාරූප කරණය ගැන දන්නා ප්‍රමානය ඉතාම සීමිතය. නමුත් ඒ ගැන ඉතාම ප්‍රියතාවයක් දක්වන්නෙක් වෙමි. වසර ගණනාවක් තිස්සේ ඒ ගැන නොදන්නා නමුත් පසුගිය වකවානුවේ ඒ පිළිබද විශේෂ උනන්දුවක් දැක්වුයෙමි. ඡායාරූපකරණයේ තවත් එක් වෙනස් සීමාවක් වන්නේ මංගල ඡායාරූප කරණයයි. එවැනි පැවති මංගල ඡායාරූප ප්‍රදර්ශනයකයට පසුගියදා මම සහභාගී වුයෙමි. ප්‍රදර්ශණය පැවැත්වුයේ මහනුවර වුවද කොළඹ සිට නුවර යාමට තරම් ඒ ප්‍රදර්ශණය මට වැදගත් විය.

ඔහු නමින් රසාංග දිසානායක නම්විය. මංගල ඡායාරූප පිළිබද කල ගවේශණයකදී ඔහුගේ වෙබ් අඩවිය මගේ නෙත ගැටුනේ අහම්බෙනි. එකෙනෙහිම එම අඩවිය මුළුමනින්ම නැරඹුවෙමි. ඡායාරූප ප්‍රදර්ශණය පිළිබද තොරතුරු දැනගැනීමට මට ලැබුනේ එයට ගොඩවැදුනු නිසාමය. දුටු ඡායාරූප වලින් මා වශීවුයෙමි. ඇත්තටම රසාංග යනු මම දැනට ජීවිතයේ දුටු හොදම එලිමහන් ඡායාරූප ශිල්පියාය( Best Outdoor Photographer). එළිමහන් ඡායාරූප ගැනීමේදී ඔහු පෙන්වා ඇති දක්ෂතාවය ඉමහත්ය.

ඇත්තෙන්ම ඔහු ඡායාරූප ශීල්පියෙකු නොව කලාකරුවෙකි. ඔහුගේ ඡායාරූප තුලින් මා අළුත් කළාවක් අත්වින්දෙමි.

කොළඹ සිට මහනුවරට ගිය ගමනේ වෙහෙස ප්‍රදර්ශණය නරඹා නැතිකරගතිමි. ගතේ වෙහෙස නොව සිතේ වෙහෙසද නිවාගැනීමට ඒ ඡායරූ උපකාරිවෙයි.

මෙහි සදහන් සියළු ඡායාරූප ඔහුගේ වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා බව කරුණාවෙන් සළකන්න