Monday, June 18, 2012

ඔත්පලයාගේ කවිය


දුවලත් ඉවරයි
පැනලත් ඉවරයි
දන්නෙ නෑ කවද්ද
ආයෙත් නටන්නෙ
කට්ටිය එක්ක
ඉස්සර මම කරපු දේවල්
දැන් අය කරන හැටි බලන්
රෝද පුටුවට වෙලා
හිඳිමි ජනෙල් කවුළුව ළඟින්
කවදහරි ආයෙමත්
නැගිටලා පෙර සේම
එකතුවී සැම සමග
එන්නෙමි නටන්නට
ඒත් ......
කවුරුවත් දන්නවද
වෙන්වුනු කකුලක්
ලියලා වැඩුනු වග