Tuesday, July 21, 2015

කිණිහිර


කිණිහිර වෙමි මම
රත්වුනු යකඩය
හිස මත තියාන
තැලෙන යකඩ
උඩ පැන පැන තලනා
නොතැලෙන ඇට්ටර
යකඩෙත් තලනා
කොච්චර තැළුනත්
ගානක් නැති මං
වෙහෙසක් නෑ මට
තවත් තැලෙන්නම්

ඡායාරූපය මෙතැනිනි