Tuesday, February 14, 2012

ඇන්ටි වැලන්ටයින්

කන්න ඕන වුනහම
කබරගොයාත් තලගොයා වෙච්චි කොට
විකුනන්න ඕනෙ අම්ම නම්
අපි කරන්නෙ මදර්ස් ඩේ
තාත්තා වික්කොත්
ෆාදර්ස් ඩේලු
ගුරුවරු වික්කොත් 
ටීචර්ස් ඩේ
මෙච්චර උතුම් දේවල් විකුනන්න ඇහැක් නම්
වැලන්ටයින් ඩේ කියල
ආදරේ වික්කහම මොකෝ වෙන්නෙ
අනේ බොලාගෙ මාකටින්