Tuesday, September 25, 2012

මැගී කුටියේ යුවතිය

මන්දාරම් අඳුරේ
පොත් ප්‍රදර්ශනයේ
සිහින් වරුසාවේ
දිවවුත් නැවතුනේ ඈ
මැගී කුටිය ලඟ
මද කුසගිනි 
නිවනු රිසියෙන්
අදිමින් මුදල් පසුම්බිය
ඉල්ලයි ඈ 
කෝප්පයක් පුරවා මැගී
රස නහර පිනායන
පිසලයි ඈ
සේද සාරි පොටින්
තෙමුනු ඇගේ වත
සිහින් වරුසාවට
මැගී කෝප්පය ගෙන
මද සිනා පා මට
දිවයයි ඈ සෙවනක් සොයා
අවසන් වූ පසු මැගී බඳුන
ඉසිලීය ඇගෙ පඬුවන් 
ජනශක්ති කුඩය
නැවතත් හරි හරියට
පිය නගන්නී ඈ
තවත් පොත් කුටියක් වෙත
මගේ මැගී බඳුනද
දැන් අවසන් වී ඇත
කුඩයක් රහිතව මම
තෙමෙමින්ම ඒ වැස්සේ
ගියෙමි වෙනත් කුටියක් කරා
තවත් පොත් ගැනුමට