ප්‍රේමය හරිම සුනදර අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න ඕනෙද? හැබැයි ප්‍රේමයම තවත් අයට බොහොම අසුන්දර අත්දැකීමක් වෙනවා. අවස්ථාව මත රදා පවතින දෙයකට හොදම උදාහරණයක් තමයි ඒක.
වැස්ස. ප්‍රේමයේ චමත්කාර බව වැඩි කරන අහිංසක අවස්ථාවක්. බොහොම පෙම්වතුන් වැසිකාලෙ පුංචි කුඩයක් පාවිච්චි කරන්නෙ ප්‍රේමයේ ඒ මිහිර විදගන්නයි. (කාලයක් මමත් එහෙම පාවිච්චි කලා). දෙන්නෙකුට තියා එක්කෙනෙකුටවත් යන්න බැරි පුංචි කුඩේක මල් වැස්සක නොතෙමි යන්න තියනවනම් ඒ මිහිර ගැන කවර කතාද? ඒවා දන්නෝ දනිති. එහෙම නේද?
ප්‍රේමය නිසා බොහෝවිට ඇතිවෙන්නෙ විරහවක්, දුකක්. ප්‍රේමයෙන් විරහවකට පත්වෙච්ච කෙනෙකුට ඉතුරු වෙන්නෙ ප්‍රේමයේ මෙවැනි සුන්දර මතක විතරයි.
ඉතින් පෙම්වතුන් ලග නිතර ගැවසෙන දේවල් තමයි ප්‍රේමය - විරහව - වැස්ස සහ කුඩය. ඔය මාතෘකා හතරම ගොනුකරල ලියවෙච්ච සුන්දර ගීත කිහිපයක් ගැන තමයි මම කියන්න යන්නෙ.
පළවෙනි ගීතය නම් මම සෑහෙන කාලයක් තිස්සෙ හෙව්වා. මෑතකදි තමයි හම්බවුනේ. මුලින් මම හිතාගෙන හිටියෙ මේ ගීතය ගායනා කරන්නෙ ශාලිත අබේවික්‍රම මහත්තය කියල. පස්සෙ බලන කොට තමයි දැනගත්තෙ මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදක සුමිත් ප්‍රියංකර මේ ගීතය ගායනා කරනවා කියල. ලිව්වෙ කවුද සංගීතය කාගෙද කියල නම් හොයා ගන්න බැරිවුනා.
මේ යොමුවෙන් ගීතය ලබාගන්න
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ
පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....///
විරහව සහ කුඩය කිව්ව ගමන්ම අපිට මතක් වෙන කුඩයක් තියනවා. ඒ රෝහන වීරසිංහයන් ගායනා කරන මුතුකුඩය. මේ ගීතය නම් ලියල තියෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහත්තයා. සංගීතය සපයල තියෙන්නෙ පුණ්‍යසිරි මහවත්තයන්.
මුතුකුඩ ඉහලන මල්වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා.... රිය කවුළු තුලින්
යටගිය දවසේ....
දෑස ගියා ඉගිලී
අදුරු ලලා... සෙංකඩ ගල වැස්සේ
දිය දහරා... පාටයි දේදුන්නේ
තෙමී තෙමී.... ආදර මධුවැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ
රිය ඇතුලේ ... උණුසුම ඔබට දිදී
නහවයි මා... රිය සක මඩ වතුරේ
නැහැ සිත රිදුනේ... අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රිය සක දන්නේ
මේ ගීත දෙකෙන්ම ලැබෙන හැගීම හරිම උණුසුම්, ලස්සන විරහවක්.
මේ ගීත දෙක ලියවිච්ච අතර කාලයකදී (2002 – 2005) වගේ කාලෙකදී ක්‍රිෂාන්ත එරන්දකත් ප්‍රේමය විරහව වැස්ස සමග කුඩය ඇතුලත් ගීතයක් ගායනා කලා. වෙනසකට තියෙන්නෙ මේ ගීත දෙකටම වඩා එහා ගිය අහිංසක ආසාවල් මේ ගීතයේ රසවත් ලෙස දක්වලා තිබීමයි.
මේ යොමුවෙන් ගීතය ලබාගන්න
මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් //
තනිවම වත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා ///
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා///
මේ වගේ ප්‍රේමය - කුඩය - වැස්ස - විරහව අඩංගු ගීත බොහොමයක් සිංහල ගීත සාහිත්‍යයයේ ලියවිලා තියනවා. පුළුවන්නම් මේ ගීත බාගෙන රස විදින්න. අවස්ථාවක් ලැබුණොත් ප්‍රේමය තුල ගිලිලා මේ සුන්දර අවස්ථාව රස විදින්න. මොකද බැන්දට පස්සෙ ඔය දේ ටිකක් වෙනස් වෙනවා මේ විදිහට. මේ ගීතය ගායනා කරන්නෙ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙනවිය. ගීතය ලියල තියෙන්නෙ සීතා රංජනී විසින්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහන වීරසිංහයන් විසින්
මේ යොමුවෙන් ගීතය ලබාගන්න
මේ වහින්නේ - එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොදුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
ජීවිතේ දෝතින් දරා අපි
එදා පෙම්බස් මිමිනුවේ
සිරිපොදේ සීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුනේ
එදා මල්වරුසාමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතුවුදා
එක කුඩේ ඇයි මදිවුනේ