මේ පුංචි පැදි පේලි ටික මට හම්බවුනේ අපේ පුංචිගෙ පොතක්
අස්සෙ තිබිලා. රෝස පාට පුංචි කොලේක ලියපු පැදි පෙලක්. ඒ මීට අවුරුදු 15-18 කට විතර
කලින්. එක හුස්මට කියවල දැම්ම ඒ පද පේලි ටික මගේ හිතට අමුතු වෙනසක් කලා. පසු
කාලීනව හොයාගත්තා ඒ පැදි පෙළ ලියපු අයිතිකාරයා බ්‍රිතාන්‍ය ජාතින රඩ්යාඩ් කිප්ලිං
කියල. ඔහුගෙ ඉතාම ජනාදරයට පාත්‍රවූ ඉෆ් (If) නැමති පැදිපෙලේ පරිවර්තනයක් තමයි මම
ඉස්සෙල්ල දැකල තිබ්බෙ. මම ඉස්සර මේක මගෙ බ්ලොග් එකක දාල ඒක කියවපු හුඟ දෙනෙක් මගෙ
යාළුවො වුනා. ඒ වගේම මගේ ජීවිතේ මට කිට්ටුවෙන් හිටපු හුඟදෙනෙක් මේ පැදිපෙළට ඉමහත්
ආදරයක් දැක්වුවා. මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න සමත් වෙච්ච උදාර වචන ගොන්නක් එහි
අඩංගු වුනා. පස්සෙ පොඩියට මුද්‍රණය කරගෙන පසුම්බියෙ දාගෙන ඉන්න තරම් මම ඒකට
වශීවුනා. අදටත් හිතට අමුත්තක් දැනෙන හැම වෙලාවකම මම මේ පැදි පෙළ කියවනවා.
මුළු ලෝකයාම ඔබට දොස් නගද්දිත්
එයින් කම්පා නොවී සිටීමට ඔබට හැකි නම්ලෝකයා ඔබ කෙරෙහි තරහක් දක්වද්දීඔබ තරහක් නොදක්වන්නේ නම්මුළු ලෝකයාම ඔබව සැක කලත්ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇත්නම්අන්යයන් ඔබව බොරුවෙන් රවටද්දීඔබ බොරු නොකියයි නම්ඔබේ හොඳ ගතිගුණ ඔබ නොකියයි නම්ඔබට කොතෙකුත් දෑ සිතිය හැකි වුවත්ඔබ මහා චින්තකයකු යයි නොසිතන්නේ නම්ඔබේ සිතුවිලි ඔබේ ඉලක්කය යයි ඔබ නොසිතන්නේ නම්ජය පරාජය දෙකම සමව සැළකීමට ඔබට හැකි නම්ඉවසීම ඔබගේ පුරුද්දක් නම්ඔබ ලැබූ සියළු ජය එක් රැස් කර තැබිය හැකි නම්එහෙත් ඒ සියල්ල වැනසී ගියත්ඔබ සුසුම් මාත්‍රයක් පවා නොහෙලයි නම්නැතිව ගිය සියළු ජයග්රහණයන්නැවත ලබාගැනීමට ඔබ උත්සාහ වන්ත නම්ඔබේ පිරිහීම හෝ පරාජය ගැනවචනයක් හෝ කතා නොකර සිටීමට ඔබට හැකි නම්රජවරුන් සමග ඇසුරු කලත්පොදු ජනතාව සමග ඇති සම්බන්ධතාසිඳ බිඳ නොදාන්නේ නම්ඔබේ ලඟම හතුරාගේත් ආදරණිය මිත්රයාගේත්සිත නොරිදවන්නේ නම්ඔබට ලෝකයාම සමාව නොදෙන එක මොහොතකඒ මොහොතේදී සියළු කරදර බාධක හිරිහැරඅමතක කොට සිටීමට ඔබට හැකිනම්පුත මේ මිහිතලයම ඔබේයඔබ මේ මිහිතලයට අයත් පුද්ගලයෙකිපුත ඔබ නියම මිනිසෙකි!
රඩ්යාඩ් කිෆ්ලිං
ගැන දැනගන්න මේ සබැඳියට යන්න
ඔහුගේ සියළු
කවි නිර්මාණ රසවිඳීමට මේ සබැඳියට යන්න