ලෝකයේ ජීවත් වෙන හැමෝටම වගේ ප්‍රේමණීය
අත්දැකීමක් තියනවා. ඒක විවාහයෙන් කෙලවර වෙනව නම් ඒ බොහොම ස්වල්පයක්. ජීවිතයේ තමන්ට හොඳටම
ගැලපෙන කෙනා හම්බවීම අහම්බයක් කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒ අහම්බෙන් හම්බවෙන කෙනාත්
තමන්ට නැති වෙන එකතරම් විප්‍රයෝගයක් තවත් කොයින්ද?
ජීවිතේ හැමදේටම
ලඟින් හිටපු කෙනෙක් හුඟක් වෙලාවට අපට ඉන්නවා. ඒ අපේ ප්‍රේමවන්තයා හරි ප්‍රේමවන්තිය
නම් ඒක තවත් මිහිරි අත්දැකීමක්. තමන්ගෙ දුක සැප බෙදාගන්න, කරදරයක් වුනහම පිහිටට
ඉන්න, හිතට දුකක් ආපුවහම ඒක කියන්න, තමන්ගෙ කඩා වැටීමකදි ආපස්සකට යාමකදි අපිව
දිරිමත් කරන්න මේ පෙම්වතා හරි පෙම්වතී හරි ඉන්න එක කොච්චර හොඳද?
ඒත් තමන්ව
තේරුම්ගත්ත, තමන්ගෙ හැමදේටම හිටපු කෙනා දැන් නැතිවුනොත් දැනෙන අඩුව දුක අපිට
දරාගන්න අමාරුයි.
මේ ඔක්කොම හැඟීම්
කැටිකරල තියන ගීතයක් අහම්බෙන් මට හම්බවුනා. ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ මහත්තයා.
අවුරුදු කීපයක් පරණ ගීතයක්. සින්දුවෙ සංගීතයත් එතුමගෙ. මේ හැගීම්බර සින්දුවෙ වචන
ටික ප්‍රසන්න චන්දන බණ්ඩාරයන්ගෙ.
ඇත්තටම මේ සින්දුව ඇහැව්වෙ එක පාරයි. හිත ඒ
තරමටම සින්දුවට ඇදිලා ගියා.
එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණිරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
අනාගත වාළුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවම්ද සා පවස විඳ දරා
පුර පසක සඳ නොවී නුඹ අව පසක සඳවුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
පොද වැස්ස,
මල් පිපුනු ගහ ගාව බංකුව පෙම්වතුන්ට කියාපු සම්පත්. ඒත් ඒ සම්පත් අද මට
දුකක් ඇති කරලා. හැමදාම ඔබ මගේ හිත හැදුවා. මගේ හිත කොයි වගේද කියලා ඔබ දන්නවා.
අදත් මම දුකින් ඉන්නෙ. ඒත් හිත හදන්න ඔබ ලඟින් නෑ. ඔබේ ඒ හිත හදන වචන තවමත් මගේ
දෙසවන් සොයනවා. අපි අතරේ ප්‍රශ්න තිබ්බෙ නැතිවාම නොවෙයි. ඒත් අද මට හිතෙන්නෙ ඒ ප්‍රශ්න
ප්‍රශ්න නෙමෙයි කියලා.
දැන් මට ඉන්නෙ මම විතරයි. මම දැන් තනිවෙලා.
අනාගතේට ඔබ නැතුව මම කොහොම මුහුණ දෙන්නෙ. මම හිතාගෙන හිටියෙ ඔබ මගේ ලෝකෙ පුරහඳ
වෙයි කියලා. එහෙම වුනානම් මගෙ ලෝකෙ කොයි තරම් එළිය වෙයිද? ඒත් ඇත්තටම ඔබ මගෙන්
වෙන්වෙලා ගිහින්.
මට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මට අහිමි වෙච්ච ඔබ
ගැන මගේ කවිය ලියන්න.
සින්දුවෙ සාර්ථකත්වයට වචන ටික වගේම සෝමතිලක
ජයමහගේ ලයාන්විත කටහඩත් සෑහෙන දුරට බලපාල තියනවා.