
වීදි නාට්‍ය කලාවේ පියානන් දැන් දරුවන් හැරදා ගිහින්. ශ්‍රී ලාංකේය වීදි නාට්‍යය කලාවේ පුනුරුදයක් මෙන්ම පැවැත්මද සනිටුහන් කල ගාමිණි හත්තොටුවේගම මහතා පසුගියදා අප අතරින් වියොවුනා. 1974 වර්ෂයේදී වීදී නාට්‍ය කලාවේ ආරම්භය සනිටුහන් කල ගාමිණි හත්තොටුවේගම මහතා පසුව රජදැක්ම, මිනිසෙකුට එල්ලා මැරෙන්න බැරිද? විලාපය, බෝසත් දැක්ම, නොරුස්සන හඩ වැනි විශිෂ්ට නාට්‍ය විදි නාට්‍යය ලෙස ජාතියට දායාද කලේය. විවිධ ආරක් ගත් වීදි නාට්‍යය කණ්ඩායම් බිහිකිරීමද මෙතුමාගෙන් සිදුවූ විශේෂ කර්තව්‍යන්වේ.
දීපානි සිල්වා, පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා වැනි ප්‍රතිභා පූර්ණ ශිල්පීන් බිහිවන්නේද ගාමිණි හත්තොටුවේගම මහතාට පින් සිදුවන්නටය. මීට අමතරව මෙතුමාගෙන් සිදුවූ වැදගත්ම දේ වන්නේ රගහලකට ගොස් නාට්‍යයක් නැරඹිමට වත්කමක් නැති මිනිසුන්හට පාරේ සිට එම රසඥතාවය ලබාදීමයි.
එතුමාට නිවන් සුව පතමු..
No comments:
Post a Comment