Friday, July 23, 2010

දෙබිඩ්ඩෝ


සෑහෙන කාලෙකට පස්සෙ වේදිකා නාට්‍යයක් බැලුවා ගිය සති අන්තයෙ. මං හිතන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙ. ඉස්සර නම් ඉතින් මාසෙකට එකක් වරදින්නෙ නෑ. ඒකට දැන්. බැලුවෙ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු දෙබිඩ්ඩෝ වේදිකා නාට්‍යය. හාසය්‍යෝත්පාදක නාට්‍යක්. ඇත්තටම හිනාවට වඩා ‍අපේ සමාජයේ නිතරම දකින පැතිකඩකුත් එයින් නිරූපනය වෙනවා.
“ මගේ සල්ලියි ආණ්ඩුව...
ආණ්ඩුව ආරක්ෂා කරන්න මාව බිලිදෙන්නෙ කොහොමද?....
මමනෙ ආණ්ඩුව......”
ජයලත් මනෝරත්නයන්ගෙ ඒ දෙබස නාට්‍යයෙ හරය ගැන ගොඩක් දේවල් කියා පානවා.
1991 වර්ෂයෙ ද්විත්ව නමින් වේදිකා ගතවෙච්ච නාට්‍යය තමයි අද දෙබිඩ්ඩෝ කියල නැවත ප්‍රතිනිර්මානය වෙන්නෙ.  මේ නාට්‍යයෙ ජයලත් මනෝරත්නයන් ද්විත්ව චරිත නිරූපනයක බොහොම අපූරුවට යෙදෙනවා. ජයනි සේනානායක, දමයන්ති ෆොන්සේකා, ජය ශ්‍රී චන්ද්‍රජිත්, ප්‍රසාද් සූරියාරච්චි ආදී සොදුරු නළු නිලියන් රගපානවා.
මේ නාට්‍යය පරිවර්තනයක්. ඉතාලි ජාතික දාරියෝ ෆෝ ගේ Trumpets & Raspberries කියන නාට්‍යය තමයි දෙබිඩ්ඩෝ කියන්නෙ.
ඉතින් ඔබේ නග‍රයේත් දර්ශණයක් තියනවනම් නොවරදවාම නරඹන්න.

ඡායාරූපය ලබාගත්තේ දෙ‍බිඩ්ඩෝ මුහුණුපොතේ සමාජයෙනි

2 comments:

  1. මම නම් වේදිකා නාට්‍ය පිස්සෙක් . . ඒත් රටින් පොඉට ආවට පස්සේ නාට්‍ය බලන්න ලැබෙන්නේ නෑ ඉස්සර වගේ ඒත් ඉඩක් ලැබුනු ගමන් අතාරිනේ නැතුව බලනවා . . ස්තූතියි මේ ලිපියට . . බලමු මටත් බලන්න අවස්තාවක් උදාවෙයිද කියලා නිවාඩු ආපු වෙලාවක වත් . . .

    ReplyDelete
  2. නාට්‍ය රසිකයෙක් අඳුන ගන්න ලැබීම සතුටක්. දෙබිඩ්ඩෝ ඇත්තටම අපූරු නාට්‍යක්. මට තවමත් වෙලාව තියන නිසා... "මාසෙකට අඩු ගානේ එකක්වත්" මට නම් වරදින්නෙ නෑ. වේදිකා නාට්‍ය කියන්නෙ මට නම් මත්ද්‍රව්‍ය වලට වඩා ඇබ්බැහිකාරකයක්. ඒත් මම මාර විදිහට දුක් වෙනවා, නාට්‍ය ප්‍රේක්ශකාගාරය තවමත් ඇයි මේ තරම් හිස් කියලා.

    ReplyDelete