Friday, May 13, 2016

අපූරු හමුවීම

සියුමැලි කුඩා පුතු
ඔසවා මමත් බිරිඳත්
ගියවිට බෙහෙත්
ගන්නට පුතුට
සුපුරුදු මුහුණක් දැක
විගසින් බැලුවා මම
වසර ගණනකට පෙර
මා හා ළගින් හිඳ
සිනාසී දෑත් පටලා
සිටි ඔබ අද ඇවිත්
බෙහෙත් ගන්නට
ඔබේ පුතු සහ සැමියා සමග
අවස්ථා අපූරුද කෙතරම්
කිසිත් නොදත් ඔබ
කිසිත් නොදත් මා
නොදැක ගිය හැටි
නාඳුනන විලසින්

4 comments:

  1. මටත් මේ වගේ දෙයක් උනා, බැලින්නම් එකවගේ වෙන කෙනෙක්...

    ReplyDelete
  2. ක්‍රොස් ඕවර් එකක්
    හිහි
    කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete
  3. හිත අවුල් යන අත්දැකීම් නේද?????

    ReplyDelete
  4. කාලය මැව් වෙනසක අරුමේ...

    ReplyDelete