Wednesday, September 16, 2009

වෙළද දැන්වීම්

අද ටිකක් වෙනස් විදිහෙ කලාවක් ගැනයි කතා කරන්න හිතුවෙ. මොනව හරි ක්‍රියාවක් කවුරුහරි පටන් අරන් කරගෙන යන්න පටන් ගත්තහම ඒකට කාලයාගේ ඇවෑමෙන් තව විවිධ කොටස් එකතුවෙනවා. ඊට පස්සෙ ඊට අදාල විවිධ කොටස් සංයෝග වෙලා ඒක කලාවක් එහෙම නැත්තම් සිද්ධවෙන විදිහක් එහෙම නැත්තම් අද පරම්පරාවට තේරෙන සිංහලෙන් කියනවනම් ආර්ට් එකක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර කාලෙ (ගල් යුගයෙ) මිනිස්සු මුකුත් ඇන්දෙ නෑ. ඊට පස්සෙ කාලයත් එක්ක ලැජ්ජාව ඇති වෙලා කොළ අතු ඇන්දා. පස්සෙ රෙදි හොයා ගත්තා. රෙදි වලට පස්සෙ තව විච්චූර්න එකතුවෙලා විවිධ හැඩතල තියන ඇදුම් බිහිවුනා. පස්සෙ ඒක ට්‍රෙන්ඩ් එකක් වුනා. පස්සෙ විවිධ රීතින් එකතුවෙලා ඒක ෆැෂන් කියල ආර්ට් එකක් වුනා.

ඔය විදිහට හැදිච්ච ආර්ට් එකක් තමයි වෙලද දැන්වීම් එහෙම නැත්තම් ටිකක් පොෂ් විදිහට කියනවනම් කමර්ෂල්ස් හැදුනෙ. ඉස්සර නම් තිබ්බෙ චලන රූප දැන්වීම් නෙමෙයි. ඒත් කාලයත් එක්ක තාක්ෂණය දියුණු වෙනකොට ඒවායේ ප්‍රතිලාභ වෙළද දැන්වීම් කලාවටත් එකතුවුනා.

මුලදි වෙළද දැන්වීමක් නිර්මානය කරන්න පුළුවන් තරමේ ආයතන තිබ්බෙ අතලොස්සයි. ඒත් අද නම් ඕනතරම් තියනවා. ඒ කාලෙ තිබ්බෙ බොහොම විනීත වෙළද දැන්වීම්. වෙළද දැන්වීම් ප්‍රචාරණයෙදි වැදගත් පාලනයක් වගේම ක්‍රියා පටිපාටියක් තිබ්බා. ඒක හන්ද වෙළද දැන්වීම් සදාචාරය කියල නිර්නායකයක් වෙළද දැන්වීම් කලාව තුල ඉතුරුවෙලා තිබ්බා. මට මතකයි එක පාරක් ටයරයක් විකුණන්න ගැහැණියකගෙ දෙපා පෙන්නපු වෙළද දැන්වීමක් සෑහෙන වාරනයකට ලක්වුනා.

ඒත් ඒ ඒකාලෙ. දැන් තාලෙ වෙනස් කාලෙ අළුත්.මාර්කටින් සහ ඇඩ්වර්ටයිසිං කියන ට්‍රෙන්ඩ් එකේදි විකුණන්න තියෙන්නෙ අම්ම තාත්ත නම් ඒ දේ හරි කරන තත්ත්වයක් තමයි අද තියෙන්නෙ. ලෝකෙ ස්වභාවයට අනුව දැනට විකුනන්න තියන හොදම වෙළද භාන්ඩය වෙන්නෙ ගැහැණිය. එදා දෙපා විතරක් පෙන්නල වාරණයට ලක්වෙච්ච ගැහැණිය අද සමාජයෙ විකිනෙන හොදම වෙළද භාන්ඩයක් වෙලා. ටයර් සීනි වාහන විතරක් නෙමෙයි, පවුඩර් නිය ආලේපන වගේම ගැහැණියෙකුගේ අතිශය පෞද්ගලික අවශ්‍යතා වෙන සනීපාරක්ෂක තුවාය පවා මාර්කට් කරන්න ගැහැනිය ඉදිරියට ඇවිත්. විළිබිය නැති සමාජයක් බිහිවෙන්න වෙළද දැන්වීම් වලින් කෙරෙන කාර්යය භාරය ඉමහත්. වෙළද දැන්වීම් වල අනාගතය හරි භයානක වෙන්නෙ ඔය හන්දයි.

කාළයක් තිස්සෙ ඒකාකාරිව ආපු මේ වෙළද දැන්වීම්වල පැහැදිලි වෙනසක් කරපු දැන්වීමක් තමයි ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් කරපු “අපි වෙනුවෙන් අපි” කියන දැන්වීම. වෙළද දැන්වීමකින් භාන්ඩයක් විකුණනවාට වඩා වැඩියමක් කළහැකි බවට ප්‍රත්‍යක්ෂ කරපු මේ දැන්වීම මිනිසුන්ගෙ විතරක් නෙමෙයි බොහෝ සම්මාන උලෙලවල් වලදී සම්මානයට පාත්‍ර වුනා. ඒ වාගේම මිනිස්සුන්ගෙ හැගීම් වලට කතා කරපු දැන්වීමක් තමයි හෝප් පිළිකා රෝහල සදහා මුදල් පරිත්‍යාග වලට නිපදවපු දැන්වීම.




වෙළද දැන්වීමකින් මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න පුළුවන් විදිහේ කලාවක් බවට පත් කරන එකත් දැන් දැන් අළුත් කලාවක් වෙලා. බලන්න මේ මොබිටෙල් දැන්වීම (මම මේ දැන්වීමෙ තියන කලාත්මකභාවයයි ලස්සනයි ගැන විතරයි කතා කරන්නෙ. එහෙම නැතුව මේ මොබිටෙල් එකට කඩේ යනවා නෙමෙයි. අනෙක් දුරකතන සමාගම් වල කතා කරන්න තරම් වටින වෙලද දැන්වීම් නෑ. කෙනෙක් වැසිකිලියට යන එකත් මාකට් කරන්න පුළුවන් වෙළද දැන්වීම් සදාචාරයක් අපි‍ට තියන හන්ද ඒ වගේ දේවල් මෙතනට අවශ්‍යය නෑ කියල මම හිතනවා)





හදවතට වැදෙන විදිහට හොද පිටපතක් හොද රගපෑමක් මේකෙ අඩංගු නොවෙනවා කියල කාටත් කියන්න බෑ. ඒ දැන්වීම ඒ තරම්ම වින්දනීයයි. කොහෙන්වත් කොපි නොකරපු දැන්වීමක් වගේම ලාංකික සංස්කෘතියටත් හානියක් නැති දැන්වීමක්. මූලික පිටපතේ වෙළද සමාගමේ නම අඩංගු වෙන්නෙත් නෑ. වෙලද දැන්වීම නම් කරල තියෙන්නෙ some connections are smarter!!! කියල. නව වෙලද දැන්වීම් කලාවෙ හොද නැම්මක්.

ඔය විදිහට තව ක්‍රියේටිව් වැඩක් මේ මොබිටෙල් දැන්වීමෙත් තියනවා. මේක හදවතට දැනෙන දෙයක් නෙමෙයි. හැබැයි හොදට හිතල බලල කරපු දැන්වීමක්. අපරාදෙ කියන්න බෑ සුනෙත් ගෙ රගපෑම හන්ද තමයි දැන්වීමෙ ජීව ගුණය තියෙන්නෙ.


හොද දෙයක් කරනව නම් ඒක හොද කලාවක පෙරමග ලකුණක්.

2 comments:

  1. අයියේ ඔයාගෙ බ්ලෝග් එක හොදයි. මේකට Followers එකක් දාන්න

    ReplyDelete
  2. Comment එකට ස්තුතියි. මෙන්න මම Followers දැම්මා..

    ReplyDelete