Saturday, January 14, 2012

සුළඟ නුඹයි

කිව්වත් වගේ
ඔව් ඔබ සුළඟ වගේ තමයි
මම ගහක් වගෙයි
ඔබේ ඔය මදනල විඳින්න 
මම හරි ආසයි
එතකො‍ට මගේ අතුකොළත්
හෙමින් සෙළවෙනවා
ඒත් ඔබ වැඩිපුර ගේන්නෙ
චන්ඩ කුණාටු
ඒවට මාවත් ඇඹරිලා
මගෙ අතු රිකිලිත් 
විනාස වෙනවා
හිටිගමන් ඔබ
ඉමිහිරි මල් සුවඳක් ගේනවා
ඒ ගේන මල් සුවඳ
කාලෙකට මතක තියනවා
හැබැයි
කොහෙදෝ ඈත කුණුවළකින් ගේන
කුණු ගඳත් ගේන්නෙ ඔබමයි
ඒ ගඳ අර මල් සුවඳ
පරයා එනවා
මම ගහක් වුනත්
සුළඟ,
ඔබ මාව රිසි විදිහට 
පාලනය කරනවා
ඔබට සුළඟ වගේ යන්න පුළුවන් වුනත්
මම ගහක්
මට ඔබට වගේ යන්න විදිහක් නෑ
ඇත්තටම ඔබ 
සුළඟ වගේ තමයි

4 comments:

  1. සුන්දර නිර්මාණයක්.........

    ReplyDelete
  2. ලස්සනයි නොවැ..කමෙන්ට් දැකීමට ආශා නම් වර්ඩ් වේරිෆිකේෂන් ඉවත් කරන්න..

    ReplyDelete
  3. සුළග නුඹ වගේ...........

    ReplyDelete
  4. ස්තුතියි හැමදෙනාටමග ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා.

    ReplyDelete