Tuesday, October 23, 2012

දුවේ


දුවේ
මම නුඹට පොරොන්දුවක් වීමී
ඒ නැවත නුඹ ගැන නොවිමසන බවය
නුඹ මා හැරදා
වසරක් ගෙවෙන්නේ අදය
සිටියානම්
මා තුරුල්ලේ සුරතල් වදන් පවසමින්
අම්මා සොයන්නී
ඔබයි

දුවේ
තිස් වසක ම දිවියේ
මා ලබාගත්
බොහෝ භෞතික දේ අතර
එකම මානුෂික  වස්තුව නුඹම විය
අනේක භෞතිය සම්පත්ද
මගෙන් ඈත්වන බව
මම දැන සිටියද
නුඹ වැනි මානුශිය සම්පත්
මගෙන් ඈත්වෙතැයි
මා සිහිනෙන් වත් නොසිතුවෙමි
අවසා‍නයේ ඉතිරිවූයේ
අප අතරේ බැදි
නොනිමෙන සෙනෙහස පමණි

දුවේ
තවත් අනන්ත කාලයක්
මේ සසරේ අප මුණ ගැසේවි
කිසිදු විටක
මෙවන් අකල් වියෝවක්
තවත් ඔබට සිදුවන්න එපා.

5 comments:

  1. අම්බරුවො අපි කමතේ කැරකි කැරකි යනවා
    කව්ද කෙනෙක් කෙවිට අරන් පස්සෙන් එලවනවා
    රන්වන් බැත පැගි පැගී මැඩුවන් මතුවෙනවා
    අම්බරුවො අපි කමතේ කැරකි කැරකි යනවා

    ජිවිතය කැරකෙන රොදයක් මිත්‍රයා... ආපහු පටන් ගන්න

    ReplyDelete
  2. දුකයි.. ගොඩක් දුකයි...
    ඇත්ත
    එහෙමත් ලේසියෙන්
    අමතක කරන්න පුලුවන්ද?

    ReplyDelete
  3. Achira.. Sad to read... and its more that u have promised that u wont talk about her after the 3 months from that tragedy and writing about her again..

    ReplyDelete
  4. Achira.. so sad to read it. And its more when you promised that you wont talk about her again after that tragedy happens and writing about her again. I can imagine how painful it is.. But still...

    ReplyDelete