ඉසුරු වීරසිංහ මුදලි නැමති තරුණ සිනමාවේදියාගේ කලර් නැමති සිනමා රූප කාව්‍යය නැරඹුවෙමි. මම මහා ලොකු විචාරකයෙක් නොවෙමි. නමුත් එහිදී දැනුනදේ ලියාතබමි.
ඒ ඉසුරුගේ පළමු සිනමා අත්දැකීමයි. මුළු චිත්‍රපටය පුරාම ගලාගෙන යන තිරපිටපතක් එහි අඩංගුය. තිර පිටපතේ මාකටින් පොයින්ට් එක හැටියට ඔවුන් ගන්නේ එහි නළු නිළියන්ගේ චරිත වලට නාමකරණයක් නොමැතිවීමයි. තරුණයා තරුණිය සිත්තරා ලෙස ඒවා ඇතිබව ඔවුන් නැවත නැවත විවිධ තැන්වල පැවසීම නිසා එය මාර්කටින් පොයින්ට් එකක් බව මම විස්වාස කරමි.
ඉසුරු කලින් වැඩ කරන්නේ වෙළද දැන්වීම් සමගය. (මම එසේ ඇසුවේ ඔවුන්ගේ වැඩසටහන් වලිනි) මට හැඟෙන දැනෙන එවැනි වෙළද දැන්වීම් ගති චිත්‍රපටියේ ද අඩංගු වෙයි. හොඳයයි සිතෙන තිර පිටපතක කාල වකවානු ගැලපීමේදි පිටපතේ ජීවගුණය නැතිවී ගිය අවස්ථා ඇතිවී තිබේ. උදාහරණයක් ලෙස කීවොත් චිත්‍රපටයේ අවසන් භාගයේ සිත්තරා නැවත තමන්ගේ කලාගාරයට යන අවස්ථාව සලකමු. ඔහු එයට යන්නේ කතාවේ හැටියට අඩුම තරමේ අවුරුදු 20-25 කට පමණ පසුවය. (චිත්‍රපටයේ තරුණයාගේ චරිතය රඟපාන ප්‍රියන්ත මංසිළු එහි රඟපාන්නේ අඩුම තරමින් වයස 25ක තරුණයකුගේ චරිතයකැයි මම සිතමි) ඉන්පෙර ඔහු අවසන් වරට එහි ගියේ සඳනි සුලක්ඛනාට දරුවෙකු ඉපදෙන්නට ඉන්නා කාලයේ යැයි ඉඟියක් ඒ තුලින් ජනිත වෙයි. වසර 25කට පසු යතුර සොයාගෙන ගොස් දොර අරින විට කලාගාරය පැරණි වී ඇතිබවට සාක්ෂි දෙකක් වේ. එනම් කලාගාරය තුල හුඹසක් වැඩී තිබීමත් බංකුව දිරා තිබීමත්ය. දූවිලි ඇත්තේ අවසන් වරට ඇඳි චිත්‍රයේ පමණි. ඉන් පෙර ඇඳි කැන්වස් චිත්‍ර ඒ ආකාරයෙන් පැවතීම පුදුම සහගතය. කලාගාරයේ වසර විසිපහක් තිස්සේ ඉතිරිවී ඇති අනිත් දෙය නම් සුලක්ඛනා ලියූ ලිපියයි. ලෑලි දිරා ගියද ලිපිය සමග එහි අත් අකුරු වසර 25කට පමන පසුව පැවතීම වෙළඳ දැන්වීමක ස්වරෑපය ගනියි.
කමල් අද්දරආරච්චි නම් ජ්‍යෙෂ්ට නළුවා චිත්‍රපටය තුල තම අඥාදායකත්වය පතුරවයි. ඇතැම් විට තිර පිටපතේ අවස්ථා නිසා ඒ අවස්ථා මග හැරී යයි. සල්ලිවලට කලාකාමීත්වය විකුනන්නේ නැතැයි කියන ඔහු තම කාමය හමුවේ එය විකුණයි. (මං දන්නෙ නෑ මට හිතෙන හැටි). දර්ශන දෙක තුනක පමණක් පෙනී සිටින ජයනි සේනානායක තමන්ගේ චරිතය මැනවින් රඟපායි. ඒ සඳහා ඇය වේදිකාවෙන් ලබාගත් අත්දැකීම් මොනවට භාවිතා කරයි.
ඉසුරුවැනි තරුණ නිර්මාන කරුවන්ගේ පැමිණිම සිනමාට වැදගත්ය. සිනමාව තුල ඔවුන් තෙම්පරාදු වනවිට තවත් වසර කිහිපයකින් ඔවුන් ඉතාම හොඳ නිර්මාන කරනු ඇත.
මුළු චිත්‍රපටිය පුරාවටම මගේ මතකයේ රැඳෙන එක දෙබසක් තිබේ. ඒ ශ්‍රීමාල් වෙඩිසිංහ කමල් අද්දර ආරච්චිට කියන "කොල්ලටයි බල්ලටයි හැමෝටම 'ආර්ට්' තේරෙන්නේ නැහැ පුතා."
ඇත්තය. ඇතැම්විට මමද ඇත්තේ එතැන විය හැකිය. නමුත් මේ මගේ අදහසයි.
අපිට සිනේමාවත් එක්ක ගොඩාක් දුර යන්න ඕනේ. මට නම් හිතෙන්නේ සිනමාව කියන්නේ විචාරය නෙමේ කියලා. කවමදාවත් විචාරයකට වඩා එතන රසයක් තියෙන්න ඕනේ. හොලිවුඩයයි බොලිවුඩය, ඉරාන චිත්‍රපටිවල තියෙන ජනප්‍රියතාව ඒකයි. නමුත් අපි තවම එක තැන ඉන්නේ. තවම පරණ චිත්‍රපටිවලට තැන දීලා අලුත් ඒවා හරි නෑ කියන එක. ඒක අලුතින් චිත්‍රපටියක් හදන අයට වෙන අසාධාරණයක්.
ReplyDeleteඔබගේ අදහස සමග 100%ක්ම එකඟවෙනවා. අළුතින් හිතන අය හුඟක් ඉන්නවා. ඒ අය නිර්මාණ බිහිකරන්නත් විචාරකයෝ නිර්මාණ බිහි නොකරන්නත් හේතුව ඒකයි මම හිතන්නේ.
Delete