Friday, August 7, 2009

මිරිගුව, සිහිනය සහ යථාර්තය

කීක් කීක්

අතබනුවේ කෙටි පණිවිඩයකි

“දැන් සනීපද?”

ඇය අසයි - ඒ ඇයයි

ඇය සමග මම අතීතය‍ට පිය මැන්නෙමි

විශ්ව විද්‍යාලය කොනක සිට ඇය අතවනයි

අපරාදෙ පරක්කුවුනේ ලෙක්චරේ මිස් වුනා නේද

කිචි කිචි හඩින් ඇය පවසයි

පුරු පුරු නොගෑවත් හීලෑ බළලෙකු මෙන්

මා අසල දැවටෙන්නී ඇයයි

ඇය මගේ ඇසුර ප්‍රිය කරයි

එයට මගේ හිත කැමතිය

ලෙච්චරේ මැද මා නිදිදැයි හොරෙන් බලයි

මා සිත සැලේ - ඇය මා අස්වසයි

අස්වැසුම හිතට වද දෙයි

ඇය මගෙයි - මසිත පවසයි

හීලෑ නොවුන සිතුවිලි ඇය වටා සරයි

නොහික්මුණ හැගුම් මා පෙලයි

අනේ නොහික්මුන මම

මටම ලැජ්ජා හිතේ

ඇය මා කවුදැයි හොදින් දනී

මගේ සිත තවත් ඈ ගැන අවුස්සයි

තුවාලව වමත වෙලාගෙන ගියද මම

බත් කටක් කවන්නට ඇය අසයි

සිත රැදි ආශාව මැඩ ගර්වය උපදී

මම ඇය මගහැර යමි

නමුත් සිත තාමත් එතනමය

කිසිවෙකු මගේ උරහිස සොලවයි

සිහින ලෝකයෙන් මා මිදේ

පිපී එන කුස පිරිමදින්නී

මා සොදුරු බිරිදයි

“එන්න බත් කන්න” ඇය පවසයි

විසුනු වූ සිහින ලොව හැරදමා මම

බත් කන්නට යමි.

No comments:

Post a Comment