Thursday, August 6, 2009

හෝම් සික්

පාරේ වාහන නළා හඩ

විටින් විට දෙසවන ගැටේ

අදුරු වලාපට තනිකම

පාළුව රජකරවයි

අම්මා සිහිවෙයි

දෑස කදුළින් පෙගේ

තාත්තාගේ සිනහව

මනසේ දෙදරයි

සිහින් හඩකින්

සිත පිනායයි

ඒ පෙම්වතිය විය යුතුය

නැත.

ඒවා හුදු මිරිගුවකි

මා ඔවුන්ගෙන් වෙන්ව

දුරු රටකට පැමින ඇත

වැලි කතර - දුරු කතර

සිතට නිවනක් නැති

මරු කතරකි

මවුබසින් කතා කල හැකි

කිසිවෙකු මෙහි නොවේ

නොදන්නා බස

කන් කරච්චලයකි

දින ගෙවීයයි

ගෙවන සැම දිනක්ම

ගනින ඇගිලි අතරට එක්වෙයි

ගෙදරින් ඈත විසීම

දුරු රටක විසීම

කොතරම් පාපයක්ද

මා හදුනන්නෙකු නැත

මා දන්නා කෙනෙකුද නැත

නිවස තරම් තැනක් ලොව

කොතැනකවත් නැතිබව හැගේ

සෑදු නව නිවස සිහිවෙයි

මා ගෙදර සාමාජිකයෙකු බව දැනේ

කෙසේ හෝ ගෙදර යා යුතුය

ඒ දවස එනතුරු බලා හිදිමි

2 comments:

  1. මේ ඔයාගෙ අත්දැකීමක්ද?

    ReplyDelete
  2. අපොයි ඔව්. මේ දවස් වල හොදට විදවනවා.

    ReplyDelete