Friday, October 9, 2009

සෙනෙහස කියනට පෙම් කරනා සද

දෝරෙ ගලනා සෙනෙහස් ගගුලේ

සතපවන්නට සිතන මොහොතක

මහා මේඝය හමා ගෙනවිත්

විසුනු කරවයි සොදුරු සිතුවිලි

සිහින ලොවකදි එකළු වූ විට

දැනේ ඔබ හට පෙම් කරන බව

එබව දැනෙනා සෑම මොහොතක

ඇවැසි ඒ බව ඔබට කියනට

පෙරුම් පුරනා සෑම විටකම

නොලැබ මොහොතක් දවයි මා සිත

හැගුම් විදිනට නොපින් කල සද

දුකයි මා හට සදා කල්හිම

2 comments: