Wednesday, November 25, 2009

පොදු පුරුෂයා

මේ ගමන සාහිත්‍යය මාසෙ හොදම කෘතිය ‍විදිහට තේරුණේ සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය ලියපු පොදු පුරුෂයා කියන පොත. මේ පොත සරසවි ප්‍රකාශනයක්. ( මේ පොත ගන්න ගිහින් වෙච්ච රසවත් සිදුවීම් මගේ දිනපොතේ සටහන් කරල ඇති) තිබ්බ ආසාව හින්දම මේ ගමන ගත්ත පොත් වලින් ඉස්සෙල්ලම කියෙව්වෙ ‍මේ පොත.

ඇත්තටම ඒ පොත හරිම ලස්සනයි. ඒක හන්දම මම දෙපාරක්ම පොත කියෙව්වා. පොත ඇතුලෙ ප්‍රබල කතාවක් වගේම ප්‍රබල ගලායාමකුත් තියනවා. මුළු කතාවම පෙළ ගැහෙන්නෙ අතිප්‍රබල චරිත තුනක් වෙන ෂාෂා, මනෝරම්‍යා සහ වර්ණාසි එක්කයි. ඊට අමතරව අත්තම්මා නැමති ප්‍රබල චරිතය නිශ්ශබ්දව කතාව තුල ගලායාමක් සිදුකෙරෙනවා.

කතාවෙ මූලික කොටස් තුනක් තියනවා. මට දැනිච්ච විදිහට කතාවෙ පළවෙනි කොටසෙදි සුදු කළු අතර මිශ්‍ර වෙච්ච චරිතයක් වෙන ෂාෂා දෙවනි කොටසෙදි මධ්‍යම විදිහට ඉදල තුන්වෙනි කොටසෙදි මරල දානවා. පළවෙනි කොටසෙදි කුඩම්මගේ සැළකිලි ලබපු මනෝරම්‍යා අවසානයේදී වීරවරියක් වෙනවා. නමුත් අනිත් ප්‍රධාන චරිතය වෙන වර්නාසි හැල හැප්පීම් ගොඩක් මැද්දෙ තමන්ගෙ චරිතය ගෙනිනවා.

කතාවෙ හැම තැනදිම ගැහැණියකගේ චිත්ත ධෛර්යය, ඉවසීම, ප්‍රශ්න වලට මුහුණ දීම ආදිය වගේම ශ්‍රී ලාංකේය කාන්තාගේ පවුල් පරිසරය මේ කතාවෙන් විග්‍රහ වෙනවා. තවමත් මම ස්වර්ණ පුස්තක වලට නිර්දේශිත පොත් කියවල ඉවර නෑ. ඒක හන්ද මේ හොදම ‍පොතද කියන්න තරම් ඉක්මන් වෙන්න හොද නෑ.



1 comment:

  1. Yes.. It is an interesting book - and somewhat different. Other than what you have mentioned, I feel that it describes the bond between a mother and a daughter.

    ReplyDelete